Monday, November 29, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් දොම්පේ නිහඬව වැඩ කළ සමාජ සේවකයාට ගෞරව සම්මාන-----වීඩියෝ ඇත

දොම්පේ නිහඬව වැඩ කළ සමාජ සේවකයාට ගෞරව සම්මාන—–වීඩියෝ ඇත

දොම්පේ නිහඬව වැඩ කළ සමාජ සේවකයාට ගෞරව සම්මාන

කුමාර සෝමසිංහ මහතා විසින් සිදුකළ ශාසනික මෙන් සමාජීය සේවාවන් හිසේ කෙස් ගණනට ප්‍රකාශ කිරීමට හැකියි. කුඩා කල සිටම සමාජීය සේවාවට විශේෂ ඇල්මක් දැක්වූ ඔහු 2001 වසරේ ජාතික හෙළ උරුමය හරහා ඔහුගේ සේවාවන් ජනතාවට ලබාදීමට කටයුතු කළා. 2005 වසරේ දොම්පේ ජාතික හෙළ උරුමයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් පත් කළේ ඔහුගේ හැකියාව මැනවින් ප්‍රදර්ශනය වීම නිසයි.

ඔහු විසින් ඔහුගේ දේශපාලන ශක්තිය යොදා ගත්තේ අසරණ ජනතාවට සේවය කරන්නටය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී දොම්පේ ප්‍රදේශිය සභාව සඳහා ස්වාධිනව තරග කළ ඔහු මන්ත්‍රීවරයකු ලෙස ඔසවා තබන්නට කළගුණ දත් දොම්පේ ජනතාව අමතක කළේ නැත.

ඔහුගේ හැකියාවන් නිරීක්ෂණය කළ පුද්ගලයකු ද මේ අතර සිටියේය. ඔහු ජයවර්ධන ගුණසමරු කමිටුවෙි ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරියා හා සංවිධායක ඉන්දික ලක්මාල් මහතායි. ඒ ඔහුගේ මුහුණු පොතේ පළවූ එක් වැකියක් ඉන්දික ලක්මාල් මහතාගේ නෙත ගැටීම තුළින් ඒ සදහා වට පිටාව සැලසුනා. තැ

කොවිඩි අවදානම පවතින යුගයේ අසරන පවුල්වලට පාරිභෝගික භාණ්ඩ පමණක් ලබාදීම විසඳුමක් නොවන බවත් ඔවුන්ට ආදායම් උපයා ගැනීමේ ආර්ථික ක්‍රියාවලියකට ආධාර කළ යුතු බවත් සඳහන් කුමාර සෝමසිංහ මහතාගේ තරයේ විශ්වාසය වුවා. ජයවර්ධනපුර ගුණසමරු කමිටුවේ දිගින් දිගටම ඔහු අධ්‍යයනය කළා. එම පදනම මෙරට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සේවාවක් සිදු කරන අය සඳහා ගෞරව නාම ලබා දෙන ස්වාධීන ආයතනයකි. අවසානයේදි මාස ගනනාවක් අධීක්ෂණය කර ඔහුට ගෞරව නාමයක් ( දේශමාන්‍ය දේශබන්ධු ධර්මප්‍රසාද මානවහිතවාදී ලංකාපුත්‍ර පදවියන් )ලබා දීමට ශ්‍රී ජයවර්ධනපුර ගුණසමරු කමිටුව තීරණය කළා.

වෙනදා ශ්‍රී ජයවර්ධනපුර ගුණ පදනම මෙවැනි පදවිනාම පිරිනමන්නේ උත්සවශ්‍රීයෙන්. නමුත් මෙම කොවිඩි අවදානම හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිතව ඔහුගේ ගම් ප්‍රදේශයේ විහාරස්ථානයේදී එම පදවිය ලබා දීම සිදු කළා. ඒ අනුව දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රදාවාන කරව්දෙනිය ශ්‍රි මුනින්දාරාම විහාරයේ දී එම පදවිය පිරිනැමීම සිදු වුයේ ගුණ සමරු පදනම ගේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන්.

ඒ අනුව ඔහු ඉන්දික ලක්මාල් මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කිරීමෙන් අනතුරුව පැවැති සෞඛ්‍ය ආරක්ෂිත හමුවකින් මෙම පදවිය ලබාදීම නීත්‍යානුකූලව සිදු කළා. එහිදී සන්නස්පත්‍ර ප්‍රදානය කිරීම මුනින්දාරාම විහාරයේ විහාරාධිපති ඇතිරියන්කඹුරේ සීලරතන හිමි විසින් සිදුකළා.

සම්මානය ප්‍රදානය කිරීම බියගම ප්‍රදේශිය සභා මන්ත්‍රී ආසිරි සචින්ත විතානගේ මහතා අතින් සිදුවුණා. එම පදවිය අනුව ඔහුට දේශමාන්‍ය දේශබන්ධු ධර්මප්‍රසාද මානවහිතවාදී ලංකාපුත්‍ර පදවියන් හිමි වනු ලබනවා.

මෙම ගෞරව නාමය දේශමාන්‍ය දේශබන්ධු ධර්මප්‍රසාද මානවහිතවාදී ලංකාපුත්‍ර කුමාර සෝමසිංහ මහතාට තවත් ශාසනික හා සමාජිය සේවාවන් සිදු කිරීමට තවත් ශක්තියක් වනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි

සම්පූර්ණ වීඩියෝ වැඩසටහන නරඹන්න

Most Popular

මෛත්‍රීට එරෙහිව පියවර ගතයුතු යැයි ඇමති ප්‍රසන්න කියයි

මෛත්‍රීට එරෙහිව පියවර ගතයුතු යැයි ඇමති ප්‍රසන්න කියයිහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයටසම්පූර්ණයෙන්ම වගකිවයුතු බැවින් ඔහුට එරෙහිව...

විදේශීය ඇපල් වෙනුවට දේශීය මසංං පරිභෝජනයට හුරු වෙමු

සිරිලක දේ අගයමු විදේශීය ඇපල් වෙනුවට දේශීය මසංං පරිභෝජනයට හුරු වෙමු.බොහෝ අය නොදත් ලංකාවේ වැවෙන රසයෙන් හා ගුණයෙන්...

ආර්ථික අර්බුදය නිසා ඇති වි තිබෙන පීඩනය ලබනජනවාරි මාසය වන විට පහව යයි- මහ බැංකුඅධිපති

ආර්ථික අර්බුදය නිසා ඇති වි තිබෙන පීඩනය ලබනජනවාරි මාසය වන විට පහව යනු ඇතැයි මහ බැංකුඅධිපති විශ්වාසය පළ කරයි… සංචාරක ක්ෂේත්‍ර යේ...

ගෑස්වල ප්‍රමිතියේ ප්‍රශ්නයක් නෑ’

ගෑස්වල ප්‍රමිතියේ ප්‍රශ්නයක් නෑ'එල්.පී. ගෑස්වල ප්‍රමිතිය පිළිබඳව ඇතැම් පාර්ශවයන් කරන සියලුම ප්‍රකාශ සාව්‍ය මෙන්ම ජනතාව බියගැන්වීමට, ලිට්‍රෝ ගෑස්...