Saturday, October 23, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා රෝගී සංඛ්‍යාව සියයට විස්ස දක්වා...

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා රෝගී සංඛ්‍යාව සියයට විස්ස දක්වා අඩුවෙලා

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා රෝගී සංඛ්‍යාව සියයට විස්ස දක්වා අඩුවෙලා….

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව සියයට විස්සක් පමණ දක්වා අඩුව ඇති බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා පවසයි.

පසුගිය මාස කිහිපය තුල දිනකට කොරෝනා රෝගීන් 250 දෙනෙකු පමණ නේවාසිකව ප්‍රතිකාර ලබන තත්ත්වයක් පැවතියද එය මේ වන විට දිනකට රෝගීන් 50 ක් පමණ වන බව කළ විමසුමකට පිළිතුරු දෙමින් අධ්‍යක්ෂවරයා සදහන් කළේය.

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම මෙම රෝහලෙහි සාමාන්‍ය ප්‍රතිකාර සඳහා වාට්ටු හතරක් , දැඩි සත්කාර ඒකකයක් සහ අධි යැපුම් ප්‍රතිකාර ඒකක දෙකක් ස්ථාපිත කළ බව සඳහන් කළ අධ්‍යක්ෂවරයා, පසුගිය කාලයේ දී දිනකට අධි යැපුම් ප්‍රතිකාර ඒකකයන්හි ඇදන් 40 හිම රෝගීන් ප්‍රතිකාර ලැබූවද එය මේ වන විට දිනකට 15 ක් පමණ දක්වාත් , කොරෝනා දැඩි සත්කාර ඒකකයෙහි රෝගීන් සිව් දෙනෙකු පමණ ප්‍රතිකාර ලබන තත්ත්වයකට පත්ව ඇති බවද කීය.

මේ අතර රෝහලෙහි ස්ථාපිත කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නවුන් සදහා පී.සී.ආර් කිරීමේ ස්ථානයට දෛනිකව පැමිණි 250 ක පමණ සංඛ්‍යාව මේ වන විට 40 දෙනෙකු පමණ වන බවත් දැනට ආසාදිතයින් හමුවීමේ යම් අඩු බවක් පවතින බැවින් ජනතාව තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් කටයුතු කළ යුතුව ඇති බවත් විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා වැඩිදුරටත් පැවසීය

Most Popular

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිට

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිටමෙරට සෞඛ්‍ය සේවකයින් ඇතුලු ඉදිරිපෙල කාර්ය මණ්ඩල සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම නොවැම්බර්...

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි–සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි--සෞඛ්‍ය අංශ අනතුරු අඟවයිඇතැම් රටවල්වල පැතිර යන ඩෙල්ටා...

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ’

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ'රටේ ජනතාව තමා ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල...

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකාවට පැවරීමේ ගිවිසුම පිළිබඳව ජනාධිපති...