Saturday, October 23, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් දරුවා නිරෝගී නම් එන්නත අවශ්‍ය නැහැ-මහාචාර්ය තිස්ස විතාරණ

දරුවා නිරෝගී නම් එන්නත අවශ්‍ය නැහැ-මහාචාර්ය තිස්ස විතාරණ

දරුවා නිරෝගී නම් එන්නත අවශ්‍ය නැහැ-මහාචාර්ය තිස්ස විතාරණ

නිරෝගී පාසල් සිසුන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමේ අවශ්‍යතාවක් නැතැයි වයිරසවේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකුවන මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවැසීය.

මේ අතර රටේ කොරෝනා ප්‍රශ්නයක් ලෙස අඩු තරම්න් තව වසරක කාලයක්වත් පවතිනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

විවිධ රෝගාබාධවලින් පෙළෙන දරුවන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීම වැදගත් බවත් නිරෝගි දරුවන්ට මූලික සෞඛ්‍ය නීතිය අනුව කටයුතු කිරීමට කිරීමට මග පෙන්වීම් ලබාදීම ප්‍රමාණවත් බවත් මහාචාර්යවරයා පැවසුවේය.

සෞඛ්‍ය නීති සම්බන්ධයෙන් සොයා බැලීමට පාසල් මට්ටමින් කමිටු පත් කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

එන්නතෙන් සිදුවන්නේ වයිරසයේ පැතිරීම පාලනය නොව වයිරසය ආසාදනය වීමෙන් පසු රෝග ලක්ෂණ ඉස්මතුවීම සහ මරණ වැළැක්වීම බවද තිස්ස විතාරණ මහතා පැවැසීය.

මේ අතර සමාජයේ රංචු ප්‍රතිශක්තිය වර්ධනයවීමට නම් ජනගහනයෙන් සියයට අසූවකටවත් එන්නත ලබා දිය යුතු බව පැවසූ මහාචාර්යවරයා වයස 60ට වැඩි පුද්ගලයන්ට සහ විවිධ සංකූලතාවලින් පෙළෙන පුද්ගලයන්ට වාර්ෂිකව එන්නත් මාත්‍රා (බූස්ටර්) ලබාදීම වැදගත් බවද සඳහන් කළේය.

සෞඛ්‍ය නීතිය අනුව කටයුතු කිරීම ජනතාවට අමතකවෙමින් තිබෙන බවද එසේ සෞඛ්‍ය නීති අමතක කර කටයුතු කළහොත් යළි අවදානමක් මතුවිය හැකි බවද හෙතෙම පැවසුවේය.

ලංකාදීප

Most Popular

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිට

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිටමෙරට සෞඛ්‍ය සේවකයින් ඇතුලු ඉදිරිපෙල කාර්ය මණ්ඩල සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම නොවැම්බර්...

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි–සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි--සෞඛ්‍ය අංශ අනතුරු අඟවයිඇතැම් රටවල්වල පැතිර යන ඩෙල්ටා...

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ’

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ'රටේ ජනතාව තමා ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල...

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකාවට පැවරීමේ ගිවිසුම පිළිබඳව ජනාධිපති...