Sunday, October 24, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් මඩකලපුව ගුවන් තොටුපළෙන් දෙස් විදෙස් සංචාරකයන් සදහා විනෝදාත්මක ගුවන් ගමන්… .

මඩකලපුව ගුවන් තොටුපළෙන් දෙස් විදෙස් සංචාරකයන් සදහා විනෝදාත්මක ගුවන් ගමන්… .

මඩකලපුව ගුවන් තොටුපළෙන් දෙස් විදෙස්
සංචාරකයන් සදහා විනෝදාත්මක ගුවන් ගමන්…
.
 ඉදිරියේ දි රත්මලාන හා යාපනය ගුවන් තොටුපළ
ආශ්‍රිතවත් ආරම්භ කිරීමට සැලසුම්….

මඩකලපුව ගුවන් තොටුපළ දෙස් විදෙස් සංචාරකයන් සදහා
විනෝදාත්මක ගුවන් ගමන් (Joy Rides) අරඹයි. සංචාරක ඇමති ප්‍රසන්න
රණතුංග මහතාගේ උපදෙස් පරිදි එය ක්‍රියාත්මකයි.

එහි පළමු වැඩසටහන පසුගිය දා ක්‍රියාත්මක කෙරිණ. Joy Rides යනු
ගුවන්තොටුපළ ආශ්‍රිත අහසේ මගීන් රැගෙන කෙටි කාලයක් ගුවනේ
සැරසැරීමයි. ඒ අනුව පසුගිය සතියේ ගුවන් යානා 03 ක මගීන් 36
දෙනෙකු මෙම සංචාරය සදහා එක් වු අතර මඩකලපුව ගුවන් තොටුපළ
ආශ්‍රිත අහසේ පැය භාගයක පමණ කාලයක් ඔවුහු සංචාරය කළහ.
මඩකලපුව ගුවන් තොටුපළ අභ්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස
සංවර්ධනය කිරීමට ද රජය සැලසුම් කර තිබේ. මෙම ජෝයි රයිඩ්ස්
සංකල්පය ක්‍රියාත්මක කෙරුණේ එහි ආරම්භයක් ලෙසය. දැනට
මඩකලපුව ගුවන් තොටුපළේ ක්‍රියාත්මක මෙම ගුවන් සංචාර ඉදිරියේ දී
රත්මලාන හා යාපනය ගුවන් තොටුපළ ආශ්‍රිතව ද ක්‍රියාත්මක කිරීමට
අපේක්ෂා කෙරේ.
1958 වසරේ දී ගුවන්සේවා දෙපාර්තුමේන්තුව යටතේ ආරම්භ වු
මඩකලපුව ගුවන් තොටුපළ 1983 දි ගුවන් හමුදාවට භාර දුන්නේය.
ඉකුත් මහින්ද රාජපක්ෂ රජය සමයේ දී (2012) මඩකලපුව ගුවන්
තොටුපළේ ධාවන පථය වැඩි දියුණු කර අභ්‍යන්තර ගුවන් තොටුපළක්
ලෙස ක්‍රියාත්මක කෙරිණ.

2018 වසරේ දී ගුවන් මෙහෙයුම් 1180 ක් 2019 වසරේ දි ගුවන්
මෙහෙයුම් 864 ක් හා 2020 වසරේ දී කොවිඩ් වසංගත තත්ත්වය
යටතේ වුව ද ගුවන් මෙහෙයුම් 174 ක් සිදුකර ඇත. අක්කර 348 ක
භූමි භාගයක් සහිත මඩකලපුව ගුවන් තොටුපළ තුළ මීටර් 1368 ක
දිගින් හා මීටර් 30 ක පළලින් යුත් ගුවන් ධාවන පථයක් තිබේ. ගුවන්
මගීන් 60 දෙනෙකුට සේවා සැපයිය හැකි ගුවන් යානා මෙහෙයුම් මෙම
ගුවන් තොටුපළේ සිදු කළ හැකිය.

Most Popular

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිට

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිටමෙරට සෞඛ්‍ය සේවකයින් ඇතුලු ඉදිරිපෙල කාර්ය මණ්ඩල සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම නොවැම්බර්...

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි–සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි--සෞඛ්‍ය අංශ අනතුරු අඟවයිඇතැම් රටවල්වල පැතිර යන ඩෙල්ටා...

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ’

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ'රටේ ජනතාව තමා ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල...

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකාවට පැවරීමේ ගිවිසුම පිළිබඳව ජනාධිපති...