Saturday, October 23, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් වස විසෙන් තොර ආහාර ප්‍රචලිත කිරීම සඳහා බස්නාහිර පළාත් කෘෂි සේවා අධිකාරියෙන්...

වස විසෙන් තොර ආහාර ප්‍රචලිත කිරීම සඳහා බස්නාහිර පළාත් කෘෂි සේවා අධිකාරියෙන් අලුත් වැඩපිළිවෙලක්

වස විසෙන් තොර ආහාර ප්‍රචලිත කිරීම සඳහා බස්නාහිර පළාත් කෘෂි සේවා අධිකාරියෙන් අලුත් වැඩපිළිවෙලක් …

ජනාධිපති තුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වස විසෙන් තොර කාබනික වගාවන් ප්‍රවර්ධනය කිරීම රට පුරා සිදු වනවා . ඊට සමගාමීව බස්නාහිර පළාතේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුල කාබනිකව වී වගා කිරීමට ගොවීන් දිරිමත් කිරීමේ වැඩ පිළිවෙලක් පළාත් කෘෂි සේවා අධිකාරියෙන් ආරම්භ කර තිබෙනවා . එසේ ලබා ගන්නා අස්වනු එම අධිකාරියෙන් මිල දී ගෙන ඒ තුලින් නිෂ්පාදනය කල ආහාර ද්‍රව්‍ය අළෙවිය සඳහා සුපිරි වෙළඳසල් ජාලයක් ඇති කිරීම ද එහි ඉදිරි සැලසුමයි .
මෙහි ප්‍රථම අදියර ලෙස බස්නාහිර පළාත් කෘෂි සේවා අධිකාරිය මගින් කාබනික පොහොර යොදා දේශීය වී වර්ග වගා කිරීම පිළිබඳව ප්‍රායෝගිකව ගොවීන් දැනුවත් කිරීමක් පැවැත්වුනා . ඒ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දැවමොට්ටාව වෙල් යායේදී යි . මේ අනුව ආදර්ශ වගාවක් ලෙස මෙම යායේ අක්කර 250 ක් තුල වී වගාව සිදු කිරීමට නියමිත බවත් , ඊට අවශ්‍ය බිත්තර වී ලබා දීම මෙන්ම අවශ්‍ය දැනුම හා පුහුණුව ලබා දීම හා නවීන යන්ත්‍රෝපකරණ භාවිතය පිලිබඳ දැනුම ලබා දීමත් බස්නාහිර පළාත් කෘෂි සේවා අධිකාරිය මගින් සැලසුම් කර ඇතිබව එම අධිකාරියේ සභාපති රජිත හපුආරච්චි මහතා මාධ්‍යට කියා සිටියා
. ( voice cut )
තවද මීට සමගාමීව ගොවීන්ට දේශීය බිත්තර වී ලබා දීම හා නවීන යන්ත්‍ර සූත්‍ර කිහිපයක් එම අධිකාරියට ලබා ගැනීම ද මෙහිදී සිදු වුනා

Most Popular

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිට

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිටමෙරට සෞඛ්‍ය සේවකයින් ඇතුලු ඉදිරිපෙල කාර්ය මණ්ඩල සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම නොවැම්බර්...

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි–සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි--සෞඛ්‍ය අංශ අනතුරු අඟවයිඇතැම් රටවල්වල පැතිර යන ඩෙල්ටා...

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ’

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ'රටේ ජනතාව තමා ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල...

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකාවට පැවරීමේ ගිවිසුම පිළිබඳව ජනාධිපති...