Saturday, October 23, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් හුස්ම සොයනා ජීවිත වලට සරණක් වෙමින් සිල්වර් මිල් ආයතනයෙන් මනුෂ්‍යත්වය මුසු සත්කාරයක්--මිරිගම...

හුස්ම සොයනා ජීවිත වලට සරණක් වෙමින් සිල්වර් මිල් ආයතනයෙන් මනුෂ්‍යත්වය මුසු සත්කාරයක්–මිරිගම රෝහලට

හුස්ම සොයනා ජීවිත වලට සරණක් වෙමින් සිල්වර් මිල් (SILWERMILL) ආයතනයෙන් මනුෂ්‍යත්වය
මුසු සත්කාරයක්–මිරිගම රෝහලට

සිල්වර් මිල් ( silver mills) ආයතනයෙන් මිරිගම රෝහලට ආධාර
පවතින කොවිඩ් -19 ව්‍යසන තත්වය හමුවේ ශ්වසන අපහසුතා ඇති රෝගීන්ට ඔක්සිජන් වායුව සැපයීම අත්‍යාවශ්‍යම සාධකයක්.
එය සැලකිල්ලට ගෙන

මිරිගම දිස්ත්‍රික් රෝහලේ කොවිඩි රෝගීන් සඳහා ඉතා අවශ්‍යව තිබෙන ඔක්සිජන් වායු සිලින්ඩර තොගයක් පරිත්‍යාග කිරීමට මෙරට පොල් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ නියුතු ප්‍රමුඛ පෙලේ සමාගමක් වන සිල්වර් මිල් ( silver mills) ආයතනය කටයුතු කරයි

මීරිගම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායිකා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මියගේ සහ මිරිගම ප්‍රදේශිය සභා මන්ත්‍රී මනෝජ් බණ්ඩාර මහතා විසින් කළ ඉල්ලීමකට අනුව ආයතන පාලනාධිකාරිය විසින් රුපියල් මිලියනයක් පමණ වටිනා මෙම ඔක්සිජන් වායු සිලින්ඩර රෝහලට ලබා දීමට තීරණය කර ඇත

ඒ අනුව තොගයට අයත් වායු සිලින්ඩර දාසයක් රෝහලට ලබා දීම පසුගියදා සිදුවුණා.ඒ කෝකිලා ගුණවර්ධන මහත්මියගේ සහ ප්‍රාදේශි සභාවේ සභාපති සනත් නන්දසිරි මහතා මෙන්ම මිරිගම ප්‍රදේශිය සභා මන්ත්‍රී මනෝජ් බණ්ඩාර මහතා ඇතුලු පිරිසකගේ මුලිකත්වයෙන්..
එම අවස්ථාවට සිල්වර් මිල් ( silver mills) ආයතනයේ ඉහළ කළමනාකාරිත්වය සහ රෝහල් කළමනාකාරිත්වය ද එක් වුවා

මෙහිදී කෝකිලා ගුණවර්ධන මහත්මිය ප්‍රකාශ කළේ පෞද්ගලික සමාගමක් රෝහලේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරිපත් වීම ඉතා අගය කළ යුතු බවයි.

මෙහිදී ව්‍යාපෘති කළමනාකරු නන්දන කලුගල මහතා ප්‍රකාශ කළේ මෙම රෝහලට ආධාර කිරීම මෙතනින් නොනවතින බවත් ඉදිරියටත් තවදුරටත් රෝහලට ආධාර කිරීමට තම සමාගම අපේක්ෂාවෙන් සිටින බවයි.

පහත වීඩියෝ වැඩසටහන නරඹන්න

Most Popular

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිට

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිටමෙරට සෞඛ්‍ය සේවකයින් ඇතුලු ඉදිරිපෙල කාර්ය මණ්ඩල සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම නොවැම්බර්...

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි–සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි--සෞඛ්‍ය අංශ අනතුරු අඟවයිඇතැම් රටවල්වල පැතිර යන ඩෙල්ටා...

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ’

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ'රටේ ජනතාව තමා ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල...

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකාවට පැවරීමේ ගිවිසුම පිළිබඳව ජනාධිපති...