Monday, November 29, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් 01 වැනිදා සිට රට විවෘත කරනවා..

01 වැනිදා සිට රට විවෘත කරනවා..

01 වැනිදා සිට රට විවෘත කරනවා..

පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය ඉවත් කර සිමාවන්ට යටත්ව ලබන මස (01) දින රට විවෘත කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසිය.

සෞක්‍ය අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ (25) දින නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලිම සදහා (25) දින එම රෝහලේ නිරික්ෂණ චාරිකාවකට එක් විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ කොවිඩ් එන්නත ලබාදිම මේ වන විට සාර්ථකව සිදු කරමින් පවතින බවත්, කොවිඩ් 19 වෛරසය මෙරට තුල පැතිර යාමේ අවධානම මේ වන විට පාලනය වි ඇති බවට සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වන බවයි.

රට යලි විවෘත කිරිම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුලදි විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත්,එම සාකච්ඡාවෙන් අනතුරුව ගන්නා තිරණය අනුව සිමාවන් කිහිපයක් යටතේ රට යලි විවෘත කිරිමට පියවර ගන්නා බවයි.

නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් එම රෝහලේ අධ්‍යක්ෂකවරයා , වෛද්‍යවරුන් සහ රෝහල් සංවර්ධන කමිටුව සමග අමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබුහ.

මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් අසේල ගුණවර්ධන මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරින් රැසක් සහභාගි විය.

Most Popular

මෛත්‍රීට එරෙහිව පියවර ගතයුතු යැයි ඇමති ප්‍රසන්න කියයි

මෛත්‍රීට එරෙහිව පියවර ගතයුතු යැයි ඇමති ප්‍රසන්න කියයිහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයටසම්පූර්ණයෙන්ම වගකිවයුතු බැවින් ඔහුට එරෙහිව...

විදේශීය ඇපල් වෙනුවට දේශීය මසංං පරිභෝජනයට හුරු වෙමු

සිරිලක දේ අගයමු විදේශීය ඇපල් වෙනුවට දේශීය මසංං පරිභෝජනයට හුරු වෙමු.බොහෝ අය නොදත් ලංකාවේ වැවෙන රසයෙන් හා ගුණයෙන්...

ආර්ථික අර්බුදය නිසා ඇති වි තිබෙන පීඩනය ලබනජනවාරි මාසය වන විට පහව යයි- මහ බැංකුඅධිපති

ආර්ථික අර්බුදය නිසා ඇති වි තිබෙන පීඩනය ලබනජනවාරි මාසය වන විට පහව යනු ඇතැයි මහ බැංකුඅධිපති විශ්වාසය පළ කරයි… සංචාරක ක්ෂේත්‍ර යේ...

ගෑස්වල ප්‍රමිතියේ ප්‍රශ්නයක් නෑ’

ගෑස්වල ප්‍රමිතියේ ප්‍රශ්නයක් නෑ'එල්.පී. ගෑස්වල ප්‍රමිතිය පිළිබඳව ඇතැම් පාර්ශවයන් කරන සියලුම ප්‍රකාශ සාව්‍ය මෙන්ම ජනතාව බියගැන්වීමට, ලිට්‍රෝ ගෑස්...