Saturday, October 23, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් පොහොට්ටුවේ සැඟවුණු කොටස්කරුවෙක්

පොහොට්ටුවේ සැඟවුණු කොටස්කරුවෙක්

පොහොට්ටුවේ සැඟවුණු කොටස්කරුවෙක්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවීමේ දී එහි මූලාරම්භය සිදු කළ ගමේ නායකයකු සොයා ලංකා වොයිස් ටීවී ගියා. ඔහු නමින් රංජිත් ගුණවර්ධන. ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා. 2015 ආණ්ඩුව පරාජයට පත්වී සිටින අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයට හවුල් නොවී වෙනමම රජයක් පිහිටුවිය යුතු බවට මතයක් එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි මහින්ද රාජපක්ෂ හිතවාදීන් අතර ප්‍රබල ව පැවතුනා.

ඒ සඳහා කළ යුතු වන්නේ වෙනමම පක්ෂයක් පිහිටුවීමයි. ඒ කාර්යයට අත ගැසුවේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බව අද කවුරුත් දන්නා කරුණකි. එහෙත් තිරය පිටුපස සිටිමින් බැසිල් රාජපක්ෂ මහතාට යෝධ ශක්තියක් වූ අදටත් ඒ බව තමන්ගේ ගෞරවය වෙනුවෙන් භාවිත නොකරන චරිත බොහෝ සිටිනවා. ඒ අතුරින් එක් අයෙකු වන්නේ රංජිත් ගුණවර්ධන මහතායි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධ වීම හේතුවෙන් එම යුගයේදී පළාත් පාලන ආයතන ප්‍රධානීන් කිහිප දෙනෙකුට විනය පරීක්ෂණ කැඳවා ලිපි යොමු කර තිබුණා. එහෙත් එම ලිපි ප්‍රසිද්ධියේ ඉරා දමමින් ඇතැම්විට පුළුස්සා දමමින් දැඩි විරෝධය දැක් වූ පළාත් පාලන ආයතන ප්‍රධානීන් කිහිප දෙනෙකු සිටිනවා.

ඒ අතුරින් ප්‍රධානියකු වන්නේ රංජිත් ගුණවර්ධන මහතායි. එතැනින් නොනැවතුණු ඔහු බැසිල් රාජපක්ෂ මහතාට නව පක්ෂයක් පිහිටුවීම සඳහා ගමේ බලවේග එක් රැස් කිරීමේ නියමුවෙකු ද බවට පත්වුණා. ගමේ බලය ඇත්තේ මහින්ද රාජපක්ෂ හිතවාදීන් සතුව බව ඔප්පු කිරීමට මෙවැනි ක්‍රියාමාර්ග අතිශයින් වැදගත් වුණා. ඔහු ඇතුළු පළාත් පාලන ආයතන ප්‍රධානීන් කිහිප දෙනෙකු එළිපිටම සටනට පැමිණියා.

රූපවාහිනියේ ගුවන් විදුලියේ හෝ පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් චරිත බවට පත් වීමට වඩා ගමේ ජනතාවගේ ජනමතය ගොඩනැඟීම ඕනෑම පක්ෂයක ප්‍රගමනයට අතිශයින් තීරණාත්මක වනවා. විවිධ තර්ජන ගර්ජන මධ්‍යයේ එම තීරණාත්මක කාර්ය කිරීම තම උරමත ට ගත් නායකයෙකු ලෙසයි රංජිත් ගුණවර්ධන මහතා හැඳින්විය හැකි වන්නේ. ඔහු ඇතුළු පිරිසගේ උත්සාහය සාර්ථක වුණා අවසානයේදී පක්ෂයක් පිහිටුවීම පමණක් නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට රටේ බලය ද අත්පත් කර ගැනීමට හැකි වුණා. එහෙත් රංජිත් ගුණවර්ධන මහතා අදටත් නිහඬ සටනක නිරත වනවා. ඒ තමන් වෙත පැවරී ඇති ගම්පහ ප්‍රාදේශීය සභාවේ සංවර්ධනය කොරෝනා මධ්‍යයේම අඛණ්ඩවම ඉදිරියට ගෙන යාමයි. මේ සියලු කරුණු කාරණා වටා ඇති සැඟවුණු දෑ පිළිබඳ අපි ඔහුගෙන් විමසා සිටියා.

එහිදී මෙතෙක් හෙළි නොකළ වැදගත් කරුණු රැසක් ඔහු ප්‍රකාශ කළා.

( රංජිත් ගුණවර්ධන මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාව පහත වීඩියෝවේ )

Most Popular

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිට

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිටමෙරට සෞඛ්‍ය සේවකයින් ඇතුලු ඉදිරිපෙල කාර්ය මණ්ඩල සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම නොවැම්බර්...

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි–සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි--සෞඛ්‍ය අංශ අනතුරු අඟවයිඇතැම් රටවල්වල පැතිර යන ඩෙල්ටා...

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ’

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ'රටේ ජනතාව තමා ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල...

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකාවට පැවරීමේ ගිවිසුම පිළිබඳව ජනාධිපති...