Sunday, October 24, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් රුසියන් මැතිවරණය: පුටින්ගේ පක්ෂයට ජය

රුසියන් මැතිවරණය: පුටින්ගේ පක්ෂයට ජය

රුසියන් මැතිවරණය: පුටින්ගේ පක්ෂයට ජය

රුසියනු පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ‘එක්සත් රුසියා’ පක්ෂය සහ ඊට සහාය දක්වන සෙසු පක්ෂ සමත් විය.

මැතිවරණය පැවැත්වූයේ මහජන නියෝජිතයන් 450 දෙනකු දූමා සභාවට තෝරා ගැනීම සඳහාය‍. රුසියානු පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ ‘දූමා’ සභාව යනුවෙනි.

ඡන්ද ප්‍රකාශ කිරීම දින 3 ක් පුරා පැවැත්වුණු අතර, ඊයේ (19) අවසන් විය. ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වූ සැණින්, ඡන්ද ගණන් කිරීම ආරම්භ වුණු අතර අද (20) උදෑසන සිට ප්‍රතිඵල නිකුත්වීම ඇරැඹිණි.

‘කොවිඩ් 19’ ආසාදිතයකුගේ මුල් පෙළ ආශ්‍රිතයකු වූ බැවින්, ස්වයං නිරෝධායනයට යොමු වී සිටින රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, නිවසේ සිට ඔන්ලයින් ක්‍රමයට ඡන්දය ප්‍රකාශ කළේය.
අද (20) දහවල් වනවිට සියයට 35 කට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ගණන් කර අවසන් වෙද්දී, පුටින්ගේ ‘එක්සත් රුසියා’ පක්ෂය සියයට 45 ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.

එම අවස්ථාවේදී, රුසියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ වන ‘කොමියුනිස්ට්’ පක්ෂය සහ ‘ජාතිකවාදී එල්.ඩී.පී.ආර්’ පක්ෂයට දිනා ගැනීමට හැකිවී තිබුණේ සියයට 22 ක සහ සියයට 9 ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් බව ද පැවැසිණි.

රුසියාවේ විපක්ෂ දේශපාලන පක්ෂ සහ ක්‍රියාකාරීන් රුසියන් රජය දැඩි ලෙස මර්දනයට ලක් කරයි. මෙවර මැතිවරණයට ඉදිරිපත් වීමට සැරසුණු අපේකෂකයන් 14 දෙනකුට අධිකරණය තහංචි පනවා තිබුණි.

(රොයිටර්)

Most Popular

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිට

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිටමෙරට සෞඛ්‍ය සේවකයින් ඇතුලු ඉදිරිපෙල කාර්ය මණ්ඩල සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම නොවැම්බර්...

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි–සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි--සෞඛ්‍ය අංශ අනතුරු අඟවයිඇතැම් රටවල්වල පැතිර යන ඩෙල්ටා...

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ’

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ'රටේ ජනතාව තමා ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල...

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකාවට පැවරීමේ ගිවිසුම පිළිබඳව ජනාධිපති...