Sunday, October 24, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් ගම්පහ රෝහලේ ගබඩා ගැටලුව සරණ ගුණවර්ධන මැදිහත්ව විසඳයි

ගම්පහ රෝහලේ ගබඩා ගැටලුව සරණ ගුණවර්ධන මැදිහත්ව විසඳයි

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ඖෂධ ගබඩා කිරීමේ ගැටලුව හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මැදිහත්ව විසඳයි

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩි රෝගීන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ ගබඩා කිරීමේදී ඉඩ පහසුකම් ඇතුළු දුෂ්කරතා තිබෙන බව රෝහල් පාලනාධිකාරිය පෙන්වා දෙනු ලැබුවා. විශේෂයෙන් මෙම ඖෂධ ගබඩා කිරීමට ශීතාගාර පහසුකම් අවශ්‍යව තිබුණා .

රෝහලේ කොරිඩොවෙි පවා මේ නිසා ඖෂධ තැන්පත් කිරීමට සිදුවුණා.පැවති තත්ත්වය පිළිබඳව හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගේ අවධානය යොමුවුනා. ඉන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍ය මේ පිළිබඳව පෞද්ගලික ආයතනයක් වන මැක්ලරන්ස් සමාගමට දැනුම්දීමෙන් ඒ ගැටළුවට විසඳුම් ලැබුණා..මේ අනුව කන්ටේනර යොදාගෙන නිර්මාණය කල වායු සමීකරණය කරන ලද ගබඩාවක් ප්‍රදානය කිරීම සිදුවුණා

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරණ ගුණවර්ධන මහතාගේ ඉල්ලීමකට අනුව රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා වායුසමීකරණය කළ කන්ටේනර ගබඩාව මෙලෙස ප්‍රදානය කළා.

මෙම අවස්ථාවට ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ගුණවර්ධන , මැක්ලරන්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ගුණරත්න, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන, රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම , වෛද්‍ය ප්‍රියන්ත ශිරෝමන් , ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Most Popular

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිට

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිටමෙරට සෞඛ්‍ය සේවකයින් ඇතුලු ඉදිරිපෙල කාර්ය මණ්ඩල සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම නොවැම්බර්...

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි–සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි--සෞඛ්‍ය අංශ අනතුරු අඟවයිඇතැම් රටවල්වල පැතිර යන ඩෙල්ටා...

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ’

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ'රටේ ජනතාව තමා ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල...

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකාවට පැවරීමේ ගිවිසුම පිළිබඳව ජනාධිපති...