Saturday, October 23, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් නිවෙස් 04 ක් බිඳ ලක්ෂ 30 ක භාණ්ඩ පැහැරගත් දෙදෙනෙකු රාගම පොලිස්...

නිවෙස් 04 ක් බිඳ ලක්ෂ 30 ක භාණ්ඩ පැහැරගත් දෙදෙනෙකු රාගම පොලිස් දැලේ ( CCTV ) දර්ශන සහිතයි

නිවෙස් 04 ක් බිඳ ලක්ෂ 30 ක භාණ්ඩ පැහැරගත් දෙදෙනෙකු රාගම පොලිස් දැලේ ( CCTV ) දර්ශන සහිතයි …

   රාගම පොලිස් වසමට අයත් වැලිපිල්ලෑව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු CCTV දර්ශන ඔස්සේ හඳුනා ගැනීමට රාගම පොලීසියේ අපරාධ විමර්ශන අංශය සමත් වුනා . එහිදී අත්අඩංගුවට පත් වූ සැකකරුවන් දෙදෙනාගෙන් කල ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් සිදුකල තවත් ගෙවල් බිඳුම් 03 ක් පිළිබඳව අනාවරණය වී තිබෙනවා .

සැකකරුවන් දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් බව අනාවරණය වී ඇති අතර එම නිවාස 04 න් පැහැර ගෙන තිබූ භාණ්ඩ අතර රන්මාල , බ්‍රේස්ලට් , කුඩා මැණික් ගල් 47 ක් , අත් ඔරලෝසු , ජංගම දුරකථන , රූපවාහිනී යන්ත්‍ර මෙන්ම මෝටර් සයිකලයක් ද වනවා . එම භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 30 කට අධික බව රාගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා මහතා කියා සිටියා .

සැකකරුවන් දෙදෙනා හෙට වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

Most Popular

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිට

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිටමෙරට සෞඛ්‍ය සේවකයින් ඇතුලු ඉදිරිපෙල කාර්ය මණ්ඩල සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම නොවැම්බර්...

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි–සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි--සෞඛ්‍ය අංශ අනතුරු අඟවයිඇතැම් රටවල්වල පැතිර යන ඩෙල්ටා...

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ’

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ'රටේ ජනතාව තමා ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල...

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකාවට පැවරීමේ ගිවිසුම පිළිබඳව ජනාධිපති...