Sunday, October 24, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් බංග්ලාදේශය, මාලදිවයින, සීෂෙල්ස් සහ ශ‍්‍රී ලංකාව සහභාගි වන සිව්කොන් පාපන්දු තරගාවලියක් නොවැම්බරයේ

බංග්ලාදේශය, මාලදිවයින, සීෂෙල්ස් සහ ශ‍්‍රී ලංකාව සහභාගි වන සිව්කොන් පාපන්දු තරගාවලියක් නොවැම්බරයේ

බංග්ලාදේශය, මාලදිවයින, සීෂෙල්ස් සහ ශ‍්‍රී ලංකාව සහභාගි වන සිව්කොන් පාපන්දු තරගාවලියක් නොවැම්බරයේ

ශ‍්‍රී ලාංකේය පාපන්දු ඉතිහාසයේ පළමු වරට සංවිධානය කර ඇති සිව්කොන් පාපන්දු තරගාවලිය එළඹෙන නොවැම්බර් මස 08 දින සිට 17 දින දක්වා කොළඹ පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි ක‍්‍රීඩා සංකීර්ණ ක‍්‍රීඩාංගණය හෙවත් පැරණි තුරඟ තර`ග පිටියේදී පැවැත්වීමට සංවිධානය කර තිබේ.

1990 දශකය තුළ පවත්වන ලද තුන්කොන් පාපන්දු තරග මාලාවෙන් ඉක්බිතිව මෙරටදී ක‍්‍රියාත්මක කෙරෙන ප‍්‍රධානතම ආරාධිත ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය මෙය වෙයි.

බංග්ලාදේශය, මාලදිවයින, සීෂෙල්ස් සහ ශ‍්‍රී ලංකාව අතර ක‍්‍රියාත්මක කෙරෙන මෙම තරග මාලාවේ ශූරයින්හට ‘අග‍්‍රාමාත්‍ය කුසලානය’ මහින්ද රාජපක්ෂ මහතා අතින් පිරිනැමෙයි.

එළඹෙන ඔක්තෝබර් මස 01 දින සිට 16 දින දක්වා මාලදිවයිනේ මාලේ අගනුවරදී ක‍්‍රියාත්මක කෙරෙන දකුණු ආසියාතික පාපන්දු ශූරතාවලියෙන් අනතුරුව සියලූම ක‍්‍රීඩකයින් නිරෝධායනය කෙරේ. ඉන් පසුව ජාතික සංචිතයේ පුහුණු ක‍්‍රියාවලිය මෙරටදී ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

එහිදී ප‍්‍රදර්ශනය කරන දක්ෂතා පදනම් කර ගනිමින් සිව්කොන් තරගාවලියට සහභාගි කරවන ජාතික පාපන්දු පිල නම් කිරීමට බලාපොරොත්තු වන බව ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති ජස්වර් උමාර් මහතා අනාවරණය කළේය.

උපුටා ගැනිම-දිවයින

Most Popular

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිට

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිටමෙරට සෞඛ්‍ය සේවකයින් ඇතුලු ඉදිරිපෙල කාර්ය මණ්ඩල සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම නොවැම්බර්...

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි–සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි--සෞඛ්‍ය අංශ අනතුරු අඟවයිඇතැම් රටවල්වල පැතිර යන ඩෙල්ටා...

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ’

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ'රටේ ජනතාව තමා ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල...

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකාවට පැවරීමේ ගිවිසුම පිළිබඳව ජනාධිපති...