Saturday, October 23, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් වසර 51 ක කාලයක් වන අරණේ අජීවී ගල් තලාවලට බුදුගුණ සතපවන අපේ...

වසර 51 ක කාලයක් වන අරණේ අජීවී ගල් තලාවලට බුදුගුණ සතපවන අපේ කාලයේ බුද්ධ පුත්‍රයා සොයා ගිය ගමනක්‌!

වසර 51 ක කාලයක් වන අරණේ අජීවී ගල් තලාවලට බුදුගුණ සතපවන අපේ කාලයේ බුද්ධ පුත්‍රයා සොයා ගිය ගමනක්‌!

ගස් ගල් විමානනවල සිට ‍සෙනසුන ආරෂා කරන අද්භූත පිරිස!

සත්තකින්ම ලොව ඇති අපමණ අගයක්‌ වූ බුදු පිළිමවලට පන්නරය ශක්‌තිය ලබා දෙමින් අජීවි ගල් තලාවලට බුදුගුණ සතපවා පිළිම හා නොයෙක්‌ නිර්මාණ සිදුකරන හිනිදුම,නුගවෙල ආරණ්‍යය සෙනසුන ලොවටම වටිනා පිං බිමකි.

මිහිදුම් තිරපට වන අරණ පුරා විසිරී ඇත. ගස්‌වැල් කොළ ඉති සර සර ගා බුදුගුණ ගීත ගයති.වනසිවුපාවුන් ද නිදහසේ වෙහෙර වන්දින්ට දෝ මේ අරණේ දැකිය හැකිය.නිසසල පරිසරය සාධු මිහිරියාවෙන් සතප වී ඇත. අප හිමියෝ සකස්‌ කළ බුදුපිළිම බුදු දහමේ අගය හා ජීවිතයේ අරුත මනාකොට මේ ගල්තලාවලට සතපවා ඇත්තේ අපේ හෙළ ගල්නඩුවන්ගේ මඟ යන යතිවරයෙක්‌ ලෙසිනි.මේ කතාන්දරයට අප හිමියෝ වසර 51ක් අක්කර පනහක පිහිටි යෝධ ගල් තලාවල ගල්වලට ජීවය දෙමින් බුදු සිරිත උපතේ සිට මරනය දක්වා හා විවිධ සුත්‍ර දේශනා ගල්තලාවට, මුසුකර ඇත.ඒ සඳහා උපකරණ සකස් කරන්නටම අරනේ වෙනමම කම්මලක් දැකිය හැකිය.

හිනිදුම නුගගල වන අරණේ වනවාසී යාලේගම සුමනජෝති හිමිපාණන් මේ වෙහෙරට ශක්‌තිය සපයයි. ආරක්‌ෂාව සපයයි.හිනිදුම නුගගල වන අරණේ වනවාසී යාලේගම සුමනජෝති හිමිපාණන් පවසන්නේ තම අරණ වටා තිබු වල්ලපට්‌ටා ගස්‌ද කිසියම් පිරිසක්‌ කපාගෙන ගොස්‌ ඇති බවය.වෙනිවැල් ගැට ද කපනවා.මෙහි වනාන්තරය විනාශයට යම් පිරිස් අපමන වු වෙහෙසක් දරති. නමුත් අප හිමියෝ මේ මහා වනාන්තරයේ පිහිටි සෙනසුනට අයත් පුරා අක්කර 50ක් පමණ වු වනාන්තරය සුරක්ෂිත කරනනේය.පියකරු කරන්නේය. ගල්වලට බුදුගුණ සතපවා භාවනා කරන්නේය. එය සිදුකරමින් අප හිමියෝ මේවන විට අවසර 51 කාලයක් ගත කර තිබේ.

වනවාසී යාලේගම සුමනජෝති හිමියන් මෙම සුන්දර වනාන්දරයට හා වෙහෙරට සිදුව ඇති විනාශය සම්බන්ධයෙන් ද මෙසේ පැවසූහ.

කන්නෙලිය වනාන්තරයේ වල්ලපට්‌ටා ජාවාරම කාලයක පටන් සිදු වෙනවා. වනාන්තරයේ තිබෙන ආරන කිහිපයක්‌ නිසා වටේ කැලෑව රැකුණා. නමුත්,අද ඒවත් කපනවා. වන විනාශ කරන්නවුන් වහා නීතිය හමුවට පැමිණවිය යුතුයි. වනාන්තරය තුළට පාරවල් කපා දැව ජාවාරමේ යෙදුණු පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමට,වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ තවලම අඩවි වන කාර්යාලයේ නිලධාරීහු පියවර ගෙන තිබේ.

කෙසේ නමුත්, ජාවාරම් කරුවෝ යස පදමට මේ රමණීය වනාන්තරය විනාශ කරන සෙයක්‌ අද වන විට ද දැකිය හැකිය. කැලයේ වන සතුන් ද දඩයම් කරන පිරිස ද අඩුවක්‌ නොමැත.මෙය මහා විනාශයකි.සාපයකි.මොවුන් වනාන්තරයේ ඇති ගස්‌ කපා ට්‍රැක්‌ටර්වලින් ප්‍රවාහනය කරද්දී අත්අඩංගුවට පත් වුවද ,නමුත් සියල්ලම පසුව යළිත් ඒ ආකාරයෙන්ම සිදු වේ.

වනාන්තරයේ පිහිටි නුගවෙල අරණේ අප හිමියෝ අජීවී ගල් තලාවලට බුදුගුණ සතපවා මහා නිsර්මාණයෝ රැසක්‌ එක්‌කර ඇත. හරියකට කෑමක්‌ බීමක්‌ නොමැතිව බුදු සසුනට අමිල නිමල වූ මෙහෙවරක්‌ සිදුකරන්නට අප හිමියෝ කටයුතු කරන ආකාරයක්‌ දැකිය හැකිය.

හෙතෙම වසර 51 පුරාවට මේ වන වඳුලේ අක්කර පනහක් පමන පිහිට සෙනසුනට අයත් බිමෙහි ගල්තලාවලට බුදුගුන සතපවා බුදුගුණ මෙනෙහි කරමින් භාවනා කරන්නට තරම් බවුන් වඩන්නට තරම් මහා මෙහෙයක් සිදු කරන්නාහුය.

පොලොන්තරුව ගල් විහාරයට සමාන වූ ආකාරයෙන් හිටි පිළිම,සැතපෙන පිළිම හා වෙනත් බුදු සුසුනේ ඇති සිද්ධීහු අජීවි ගල් පර්වතවලට සතපවා ඇති ආකාරය සත්තකින්ම විස්‌මය ජනක සිද්ධියකි.මේ සියලුම ගල් නිපැයුම් තම දෑතේ ශක්‌තියෙන් දිවා රෑ වෙහෙස වී අප හිමියෝ අතින්ම තනියමම සිදුකරන්නේය.

මේ ආදි අපමණ අගයක්‌ සහිත වූ මේ ආරණය සුරක්‌ෂිත කර වන පාළුවන්ගෙන් දැව හොරුන්ගෙන් මස්‌ වැද්දන්ගෙන් ආරක්‌ෂාකර සිවු දෙසින් වඩනා මහ සඟරුවනට ද, සතර දෙසින් සතර වටින් වෙහෙරට එන සැදෑවතුනට උරුම කරලීම ජාතියේ ආගමේ අපේ යුතුකම නොවන්නේද? වගකිව යුත්තෝ මේ සම්බන්ධයෙන් අදම පියවරක්‌ ගත යුතු ව ඇත.

මේ අරණට එක්‌වරක්‌ හෝ යන්නේ නම් එය දෙසවන් දෙනුවන් නින්නාද කරවන අපමණ වූ සාධු සිරියෙන් ඔකඳ වූ අපුරුම වන අරණක පිහිටි සොඳුරු සිරින් හඬනා වු පිං බිමකි.මේ මහා නුගවෙල අරණ රැකගත යුතු වන්නේ මෙහි ඇති සාදු සම්මත වු අනගි වටිනාකම නිසාය.

නුගගල ආරණ්‍ය සේනාසනය ගල උඩ පිහිටි නුගගහ නිසා නුගගල නම් වු බව අප හිමියෝ පවසති.කන්නෙලිය රක්ෂිත වනාන්තරයේ පිහිටා ඇති සිත සනසාලන ගිමන්හලක් ලෙස ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගනිමින් දිවි කතරින් එතෙරවීමට මග කියා පාන තෝ තැන්නක් ලෙස නුගගල ආරණ්‍ය හදුන්වා දිය හැකිය.

වර්ෂ 1954 මැයි මස 04 වන දින දී තවලම අමරසිංහ මහතා සහ හබරකඩ ඩේව් කරුණාරත්න මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කරනු ලැබූ නුගගල ආරණ්‍ය හොරණ ඉංගිරිය බෝධිනාගල ආරණ්‍ය මගින් මෙහෙය වනු ලබන ශාඛාවකි. 1943 වර්ෂයේ සිට මේ දක්වා නුගගල ආරණ්‍ය සේනාසනයේ වැඩ හිදුනු ලබන්නේ යාලගල සුමනජෝති වහන්සේය.

උන්වහන්සේ පැවිදි දිවියට එක්ව මේ වන විට වසර 51 ක කාල සීමාවක් වන අතර උන් වහන්සේ භාවනායෝගීව කාලය ගත කරනු අතරතුර අපූර්ව නිර්මාණ බිහි කරමින් නුගගල ආරණ්‍ය ඉතාම අර්ථවත් ස්ථානයක් බවට පත් කර ඇත.

මෙම ආරණ්‍ය සේනාසනයේ ආරම්භයේදී මැටිවලින් නිර්මාණය කරන ලද ආවාස ගෙයක් තිබී ඇති අතර, අදටත් කුටි ගෙවල් කිහිපයක් දක්නට ලැබේ. දැනට පවතින ආවාස ගෙය අබලන් තත්ත්වයේ පවතින අතර විශාල ගල් පර්වතයක් අභ්‍යන්තරයෙහි නිර්මාණය කර ඇති බුදු කුටිය සිසිලස පිරුණු සිත නිවාලන ස්ථානයක් ලෙස දැක ගත හැකිය. කළු ගලින් නිර්මාණය කර ඇති අවුකන පිළිම වහන්සේගේ අනුරුව හා සතර වරම් දෙවිවරුන්ගේ නිර්මාණය ඉතා දැකුම්කළු නිර්මාණයක් ලෙස හැදින්විය හැකිය.

සත් සතියේ විවිධ අවස්ථාවන් මෛත්‍රී බෝධිසත්වයන්ගේ අනුරුව නිර්මාණය හා නාථ දෙවියන්,විෂ්ණු දෙවියන්ගේ අනුරුව නිර්මාණය හා තවත් සිමෙන්තියෙන් නිර්මාණය කරන ලද අපුර්ව නිර්මාණ ගණනාවක් හා කොරවක් ගල් වාමන රූප ආදී කළු ගලින් නිර්මාණය කරන ලද නිර්මාණ රැසක් මෙම භූමියේ දැක ගත හැකිය. මෙම සෑම නිර්මාණයක්ම යාලගල සුමන ජෝති ස්වාමීන්වහන්ගේ දෑතින්ම නිර්මාණය වීම එහි ඇති සුවිශේෂත්වයයි.

ඉතා දුෂ්කර මාර්ගයක් ඔස්සේ වන ලැහැබ මැදින් දිය මංකඩ පසු කරමින් කන්දේ ඉහළට ගමන් කිරීම වෙහෙස ගෙන දෙන්නක් වුවද ස්වභාදම් පහස විදින්නෙකුට එම වෙහෙස මදකටවත් නොදැනේ. ස්වාමීන් වහන්සේගේ දානය සකස් කිරීමට අඩුම කුඩුම රැගෙන එන දායක දායිකාවන් ඉතා වෙහෙසකර ගමනක් නිම කර රැයක් නතර වී සිට උන්වහන්සේගේ දානය පිළි ගන්වා නික්ම යයි. මේ සටහන කියවන ඔබටද ඒ සඳහා අවස්ථාව ඇත.

අප හිමියෝ මෙම දායක දායිකාවන් රැගෙන එන වියලි සලාක වසරකට වරක් නැති බැරි දුප්පත් මිනිසුන් වෙනුවෙන් බෙදා දීමට උන්වහන්සේ අමතක නොකරයි. මෙවන් වූ අසරිමත් ස්ථානයක් සංවර්ධනය කර එහි ස්වාභාවිකත්වයට හා ආගමික පසුබිට හානි නොවන ආකාරයෙන් සංචාරකයින් සඳහා දැක බලා වැද පුදා ගැනීමට සැලැස්වීම මගින් මෙම ස්ථානය දකුණු ලක ආකර්ශනීය සංචාරක ස්ථානයක් බවට පත් කළ හැකිය.

සුන්දර හිනිදුම් පත්තවේ කන්නෙලිය රක්ෂිතයට නෑකම් කියමින් පිහිටා ඇති නුගගල ආරණ්‍ය සේනාසනයෙහි ස්වාභාවික පිහිටීම හා එහි පාරිසරික වට පිටාවෙන් ලැබෙන වටිනාකම මෙන්ම එහි නිර්මාණය කර ඇති නිර්මාණ වලින් එහි අගය තව තවත් තීවුර කරයි. කළු ගලින් මෙන්ම සිමෙන්තියෙන්ද නිර්මාණය කර ඇති මෙම පිළිම වහන්සේලා හා බුදුදහමේ හා බුද්ධ චරිතයේ විවිධ අවස්ථාවන් විදහා පාන මෙම නිර්මාණ සුමනජෝති ස්වාමීන් වහනසේ දෑතින් නිර්මාණය වී ඇති අපූර්වත්වය විශ්මය ජනකය.

නුගගල ආරණ්‍ය සේනාසනය සංචාරක ආකර්ශණීය ස්ථානයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතියෙහි එහි තිරසර පැවැත්ම පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් සාධකයක් ලෙස හදුන්වා දිය හැකිය.

නුගගල ආරණ්‍ය සේනාසනය නැරඹුම් ස්ථානයක් ලෙස හා බෞද්ධ ජනතාවගේ ආගමික සංහිදියාව ඔප නංවන ස්ථානයක් ලෙස සංවර්ධනය කර දෙස් විදෙස් ජනතාවට සංචාරය කළ හැකි ස්ථානයක් බවට පත් කළ හැකිය.

නමුත්, තිබෙන මාවත් ඔස්සේ පැයක පැය එක හමාරක ගමන සත්තකින්ම අගනේය. වෙහෙස තිබුන ද පරිසරය ගහකොල වන සතුන් මෙන්ම දිය කඩති මෙන්ම මේ මහා කැලයේ විවිධ වර්ගයේ මසුන් පිහිනා යන දසුන සුන්දරය. ඒ නිසා විඩාව ගතට හෝ සිතට දැනෙන්නේ නැත.

අප හිමියෝ පවසන්නේ මේ ගස්කොළංවල විමානගත දෙවියන් සෙනසුන ආරක්ෂා කරන බවයි.

නුගගල ආරණ්‍ය සේනාසනය ඉදිකොට ඇත්තේ විශාල ගල්ලෙනක් තුළය. මෙම ගල්ලෙන මත විශාල නුගගසක් තිබීම නිසා නුගගල ලෙස හඳුන්වයි.

වනවාසී යාලේගම සුමනජෝති හිමියන් පවසන්නේ තමා වසර 51 ක කාලය තුළ මේ ආරණ්‍ය සේනාසනය රැග ගත් බවයි.

මේ සේනාසනයට එන්න පාරක් නෑ.පාරකට තිබෙන්නේ වනාන්තරය මැදින් එන දුෂ්කර මාවත.මෙම අරණට එන පාර සකස් කරන්න කියලා මහා ජාවාරමකට සමහරු ආවා.ගස් කොළං වලට වින කරන්න කුරුමානම් ඇල්ලුවා. එව කරන්න මේ වනාන්තරයට අරණට අරක්ගෙන සිටින පිරිස් කිහිපයක්ම බලවේග කිහිපයක්ම සිටිනවා ඒ නිසා එව්වා කරන්නට හිටන් ඒ ඇත්තන්ට කරන්න ඒ අයට බැරිඋනා.

අක්කර පනහක ප්‍රදේශයේ ඇති මේ අරණ දැවැන්ත වු ගල් පර්වත ගල් ලෙන් හා ගල් තලා වලින් සමන්විතයි. ඉස්සර ඇලි ඇතුන් පවා මෙහි සිට තිබෙනවා.

අදවන විට ඒ ඇත්තෝ සියලුම මරා දමලා. නමුත් ඒ වන්දිය ගං වතුර ඇවිත් ප්‍ර දේශයටම ගෙවන්න උනා. ආගම දහමට අනුව යළිත් කටයුතු කළ නිසා මෙය උවදුර දැන් දුරු වී තියනවා.

ආදි කාලයේ මේ අරණ තුළ පිහිටි ගල් ලෙන් ආශ්‍රිතව උපාසකයෙක් භාවනා කර තිබෙනවා.එතුමා මිය ගියාට පස්සේ මේ වනාන්තරයට හා මේ සේනාසනයට ආරක්ෂාව පසයනවා. මහා වන විනාශයක් සමහර කාලවල සිදු වුනා. අදටත් ඉතිං අඩුවක් නැ. නමුත් අපේ සෙනසුනට අයත් වනාන්තරයේ අකටයුතු කම් කරන්න කිසිවෙකුටත් බෑ. අර භාවනා කළ උපාසක මෙහි ආරක්ෂාවට අදටත් මේ වනාන්තරයේ සිටිනවා.

මෙයට අමතරව, යක්ෂ ප්‍රේත, කුම්භාණ්ඩ, ආදි මෙන්ම හොල්මන්ද මෙහි වාසය කරනවා. ආරණට හෝ මෙහි භාවනා කරන මට හෝ ඒ ඇත්තන්ගෙන් හානියක් කරදරයක් නෑ. දහවලට මහ රෑට මේ අය මේ ගස්ගල්වල කුහාවල අදටද සැඟ වී මේ ආරණ්‍ය සේසාසනයට ආරක්ෂාව සපයනවා.වැරදි වැඩක් කළ හොත් ඉන්න දෙන්නේ නෑ. අනතුරක් සිදුවෙනවා. සමහර විට මරණය පවා සිදුකරන්නට මේ අය ට හැකියි.

නමුත්,මෙහි ඉඳ හිට එන වන්දනා කරුවන්ට හානියක් නෑ. ඒ අයට අදටත් මෙහි එන්න හැකියි. සසුනට,දහමට,ආගමට,දහමට,ආදරය ගරුත්වය කරන ඇත්තන්ට එන්න හැකිය.

මෙතනට ඇවිත් වැරදි වැඩක් කරනවා නම් මහා ගන්දස් සාරයක් ඇති කර ඒ ඇත්තන්ට එළවා දමනවා. ඒ විතරයක් නොවෙයි මේ ගල් කුළු වලින් බිමට තල්ලු කරනවා. ඒ නිසා වැදගත් අයට පමණයි මේ ආරණ්‍ය සෙනසුනට බලන්න දකින්න එන්ට හැකියාව තියෙන්නේ.

අඩි 4ක් පහක් උස විවිධ සතුන්ගේ වෙස් ගන්නා හැකි සත්ව හා මිනිස් රුව මවාගත හැකි මහා බලගතු අද්භූත පිරිසක් මෙම සෙසසුනේ ආරක්ෂාවට දිවා රාත්‍රියේ සිටිනවා.

වලහෙක්, දිවියෙක්, ගෝනකු, නරියකු ආකාරයේ විවිධ සත්ව වෙස්ගත හැකි හා යක්ෂ වෙස් ගත්නා වු අද්භූත කණ්ඩායමක් මෙහි ආරක්ෂාවට පරිසරයේ ආරක්ෂාවට සිටිනවා.මමත් ඒ අය දැක තිබෙනවා. මෙතනට එන සමහර උපාසක උපාසිකාවෝද ඒ අය මේ පිරිස් දැක තිබෙනවා. සමහරු භයවෙලා. කෑ ගහනවා. මම ඒ අයට ඇත්ත පහදා දුන්නාම භය දුරු වෙනවා.

මම සමහර දවසට කැද තමයි බොන්නේ, ආහාර පානවලට මම වැඩිපුර දිව යන්නේ ආසා කරන්නේ නැ.තියන යමක් එක්වරක් දෙවරක් ආහාරයට ගෙන ගල්වලට බුදු ගුණ සිහිපත් කරමින් භාවනා කරනවා කියලා හිතාගෙන පිළිම කාල නිපැයුම් කරනවා.සමහර නිපැයුම්වලට වසර දහයක් පහළොවක් කාලය ගතව තිබෙනවා.

මේ සියලුම නිපැයුම් මා අතින්ම මම සිදුකළා. මට දැන් වයස 76ක් පමණ වෙනවා.කිසිදු ගෝලයෙක් නෑ.වනාන්තරය මට ආරක්ෂාව දෙනවා. නොපෙනෙන බලවේග පවා. මා හට ආරක්ෂාව දෙනවා. ඒ අය මට පාලනය කරන්නට හැකි පරිදි දමනය කරගෙනයි සිටින්නේ.කරදර කන්න විවිධ ආකාරයෙන් පැමිණියා ඒත්,මම ඒ ඇත්තෝ මර්දනය කළා. දැන් මා කියන දේවල් ඒ ඇත්තෝ අහනවා.මම කියනවා කරදර කන්න එපා දඩුවම් දෙනවා කියලා. වහාම ගල්ගුහා හෝ ගස්වල විමානවලට යනවා මම කියන දේ අහනවා.ඒ ඇත්තෝ.නුගගහ,අලුබෝගහ,දාමු ගහ,ආදිකොට ඇති විවිධ ගස් හා පර්වතවල ට අරක්ගත් විමාන සකස්කර ගත් පිරිස් අරණට ආරක්ෂාව ලබා දෙනවා.

ඹබටත් දිනයක් ත කරන්නට රැයක් පහන් කරන්නට සිත සතපවා ගන්නට යම් සීමිත සුළු පිරිසකට පවුලකට හෝ දෙකකක් වැනි සුළු පිරිසකට මේ සේනාසනයේ පහසුකම් ඇත. අධ්‍යාපනය ලබන, පරිසරයට ආදරය කරන, සීමිත පිරිසට ද පහසුකම් ඇත. ඒ ගල යට ගල් ගුහාවේ පිහිටි ආරක්ෂිත ගල් ගුහා ගල් තලාවයි.

Most Popular

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිට

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිටමෙරට සෞඛ්‍ය සේවකයින් ඇතුලු ඉදිරිපෙල කාර්ය මණ්ඩල සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම නොවැම්බර්...

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි–සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එය සීඝ්‍රයෙන් පැතිර යා හැකියි--සෞඛ්‍ය අංශ අනතුරු අඟවයිඇතැම් රටවල්වල පැතිර යන ඩෙල්ටා...

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ’

මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ'රටේ ජනතාව තමා ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල...

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?

යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11කින් රතු එළියක් ?කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකාවට පැවරීමේ ගිවිසුම පිළිබඳව ජනාධිපති...