Sunday, September 19, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් නෞකාවලින් වනසන මුහුදත් වෙරළත් රැකගන්න උත්සාහ දරන ජිවන්ත

නෞකාවලින් වනසන මුහුදත් වෙරළත් රැකගන්න උත්සාහ දරන ජිවන්ත

නෞකාවලින් වනසන මුහුදත් වෙරළත් රැකගන්න උත්සාහ දරන ජිවන්ත

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අපේ රටට කළ විනාශය සුලු පටු නොවේ…වටිනා මුහුදු සම්පත විනාශ කළා පමණක් නොව සුන්දර වෙරළ ද විනාශ කර හමාරය..එම නැවෙි ගින්නෙන් අපේ රටට සිදුවූයේ බරපතළ විපතකි.එහෙත් දැන් විපතට විලාප දෙමින් සිටීම පලක් නොවේ.විපතක් සැපතක් කරගත හැකි නම් එය සැබෑ ජයග්‍රහණයකි. එසේ උත්සහ කල අපූර්ව මිනිසෙකු අපට හමුවුණා.ඔහු නමින් ජිවන්ත බාලසූරිය තරුණයායි. ඒ නෙක්සස් ඉංජිනේරු සමාගමේ (NEXUS ENGINEERING SERVICE PRIVATE LIMITED ) හිමිකරුය.එම නෞකාවේ ප්ලාස්ටික් ටොන් ගණනාවක් ගොඩ ගසනු ලැබුවා.එහෙත් මේවා ඉවත් කිරීම ගැටලුකාරී තත්ත්වයක් වුණා.

එයට විසඳුමක් ලබාදෙන්න ජීවත්ව තරුණයාට හැකි වුණා.එම නෞකාවෙන් විසිරුනු ප්ලාස්ටික් ඇතුළු වෙනත් අපද්‍රව්‍ය වෙරළට ගොඩ ගැසී ප්‍රබල සමාජ ප්‍රශ්නයක් ඇතිවූ මොහොතේ එයට විසඳුමක් ලෙස විශේෂ යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීමට ජිවන්තට හැකි වුණා.

ඔහුගේ කර්මාන්ත ශාලාවේ තිබෙන ද්‍රව්‍ය යොදා ගනිමින් නිෂ්පාදනය කළ මෙම යන්ත්‍රය වෙරළේ වැලි සමග ඕනෑම දෙයක් මිශ්‍ර වුවහොත් පහසුවෙන් ඉවත් කර ගත හැකියි එයට යොදා ගෙන ඇත්තේ සරල තාක්ෂණයකි.මෙම ක්‍රමවේදය අවශ්‍ය නම් ඕනෑම කෙනෙකුට ලබාදීමට ඔහු සූදානම්

ඔහුගේ අපේක්ෂාව වී ඇත්තේ ඕනෑම කෙනෙකු නව නිර්මාණය යොදාගනිමින් මෙි විපතින් ගොඩ එන්නට මගක් සාදාගන්නා ලෙසය. ඒ වෙනුවෙන් ජාතියට ඕනෑම කැපකිරීමක් කිරීමට ද ඔහු සූදානම් ය

ඔහු ඉල්ලා සිටියේ මේ සරල තාක්ෂණය යොදා ගනිමින් විපතෙන් ගොඩ එන්න කඩිනමින් කියා කරන ලෙසයි.මුහුද වනසන ඕනෑම අවස්ථාවක ඊට ප්‍රතිචාර දක්වන තවත් බොහෝ නිර්මාණ මෙම ආයතනය නිර්මාණය කර තිබේ.ඒ පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරමු..

ඒ පිළිබඳව සම්පූර්ණයෙන් දැනුවත් වීම සඳහා පහත වීඩියෝව නරඹන්න

Most Popular

සියලු රෝග සුව කර ගන්න එක “අහු “ගෙඩියක් කන්න.

සියලු රෝග සුව කර ගන්න එක "අහු "ගෙඩියක් කන්න."අහු" යනුවෙන් ප්‍රකාශ කළ පමණින් අපේ රටේ බොහෝ දෙනා කල්පනා...

නිවෙස් 04 ක් බිඳ ලක්ෂ 30 ක භාණ්ඩ පැහැරගත් දෙදෙනෙකු රාගම පොලිස් දැලේ ( CCTV ) දර්ශන සහිතයි

නිවෙස් 04 ක් බිඳ ලක්ෂ 30 ක භාණ්ඩ පැහැරගත් දෙදෙනෙකු රාගම පොලිස් දැලේ ( CCTV ) දර්ශන සහිතයි …

රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට කටයුතු කරනවා.

රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට කටයුතු කරනවා.කොවිඩ් එන්නත්කරණයේ සාර්ථකත්වයත් සමග සංචරණ සීමා පණවා ඇති රටවල රතු...

සර්පයින්ට පිහිටවන පරිසරවෙිදියා

සර්පයින්ට පිහිටවන පරිසරවෙිදියාවිෂඝොර සර්පයා දැක නෑර මෝඩයා කියලත් කතාවක් තිබෙනවා. නමුත් අපේ බුදුදහමේ කිසිම සතෙකු මරා දැමීම හෝ...