Sunday, September 19, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් පිටි වලින් ගොඩ යන්නට ගිය ගබඩාකරු කොටුවේ-වීඩියෝ සහිතයි

පිටි වලින් ගොඩ යන්නට ගිය ගබඩාකරු කොටුවේ-වීඩියෝ සහිතයි

පිටි වලින් ගොඩ යන්නට ගිය ගබඩාකරු කොටුවේ

කඩවත තිරිඟු පිටි ගබඩාවක සඟවා තිබූ පිටි තොගයක් අඩංගුවට !

කඩවත – රන්මුතුගල ප්‍රදේශයේ තිරිඟු පිටි තොග වෙළඳ නියෝජිත සමාගමක සඟවා තිබූ තිරිඟු පිටි තොගයක් අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් වැටලීම් අංශය අද සමත් වුනා
.
අද රාත්‍රියේ සිට ප්‍රධාන පෙලේ සමාගමක් තිරිඟු පිටි මිළ වැඩි කිරීමට සූදානම් වන බැවින් ගබඩා කර ඇති තිරිඟු පිටි බේකරි හිමියන්ට නො විකුණන ලෙස තමන්ට උපදෙස් ලැබුණු බව එහි කළමනාකාරිණිය පාරිභෝගික සේවා අධිකාරියට කියා සිටියා . ආයතනයේ ගබඩා තුල පිටි නො තිබු අතර පසුව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් කල සෝදිසි කිරීමකදී එම පරිශ්‍රයේ නවතා තිබූ ලොරි රථයක සඟවා තිබූ පිටි කිලෝ ග්‍රෑම් 1100 ක තොගයක් සොයාගනු ලැබුවා
.
පිටි තොගය අත්අඩංගුවට ගැනුණු අතර නියෝජිත සමාගමට එරෙහිව ඉදිරියේදී අධිකරණමය කටයුතු සිදු කරන බව පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් වැටලීම් අංශයේ අංශ ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා මාධ්‍යට කියා සිටියා .

පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතියකින් තොරව තිරිගු පිටි මිල කිලෝවක් රුපියල් 18 කින් වැඩි කිරීමට තිරිගු පිටි ආනයන සමාගමක් කටයුතු කරමින් සිටියදී වැඩි මිලට අලෙවි කිරීම පිණිස පිටි තොගයක් ගබඩා කොට ඇති බවට ලද තොරතුරකට අනුව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ උපදෙස් පරිදි අදාල ස්ථානය පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන තිබේ.

මෙි අනුව අධිකාරියෙහි ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශ නිලධාරීන් , තිරිගු පිටි ආනයනික සමාගමෙහි කඩවත ප්‍රදේශයේ නියෝජිතයාගේ අදාල ගබඩාව වෙත ගොස් විමසූ අවස්ථාවේ පිටි නොමැති බව එහි කළමනාකරු දැනුම් දීම මත කළ සොයා බැලීමේදී ලොරියක් තුල සහ ගබඩාවෙහි තිබී පිටි තොගය සොයා ගැනීමට හැකිවිය.

Most Popular

සියලු රෝග සුව කර ගන්න එක “අහු “ගෙඩියක් කන්න.

සියලු රෝග සුව කර ගන්න එක "අහු "ගෙඩියක් කන්න."අහු" යනුවෙන් ප්‍රකාශ කළ පමණින් අපේ රටේ බොහෝ දෙනා කල්පනා...

නිවෙස් 04 ක් බිඳ ලක්ෂ 30 ක භාණ්ඩ පැහැරගත් දෙදෙනෙකු රාගම පොලිස් දැලේ ( CCTV ) දර්ශන සහිතයි

නිවෙස් 04 ක් බිඳ ලක්ෂ 30 ක භාණ්ඩ පැහැරගත් දෙදෙනෙකු රාගම පොලිස් දැලේ ( CCTV ) දර්ශන සහිතයි …

රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට කටයුතු කරනවා.

රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට කටයුතු කරනවා.කොවිඩ් එන්නත්කරණයේ සාර්ථකත්වයත් සමග සංචරණ සීමා පණවා ඇති රටවල රතු...

සර්පයින්ට පිහිටවන පරිසරවෙිදියා

සර්පයින්ට පිහිටවන පරිසරවෙිදියාවිෂඝොර සර්පයා දැක නෑර මෝඩයා කියලත් කතාවක් තිබෙනවා. නමුත් අපේ බුදුදහමේ කිසිම සතෙකු මරා දැමීම හෝ...