Sunday, July 25, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් මිරිගම පොහොර කඩේ රහසිගත ගබඩාව පාරිභෝගික අධිකාරිය සොයාගනී

මිරිගම පොහොර කඩේ රහසිගත ගබඩාව පාරිභෝගික අධිකාරිය සොයාගනී

මිරිගම කුඹල්ඔලුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන බලපත්‍ර නොමැති පොහොර ගබඩාවක් ගම්පහ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් වටලනු ලැබීය .

පාරිභෝගික අධිකාරියට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත . වැටලීමෙන් රසායනික පොහොර කිලෝ 51100 සොයා ගැනීමට පාරිභෝගික අධිකාරිය නිලධාරීන්ට හැකි වී ඇත.

පොහොර මිලදී ගැනීම සඳහා පොහොර ගබඩාව අයිතිබව කියන ව්‍යාපාරිකයාට අයිති මීරිගම නගරයේ කෘෂි නිශ්පාදන අලෙවිකරණ වෙළඳසැලකට පාරිභෝගික අධිකාරිය නිලධාරීන් ගොවීන් විලස වෙස්ගන්වා පොහොර මිලදී ගැනීම සඳහා ගොස් ඇත . එහිදී විරුද්ධව හිමිකරු විසින් පවසා ඇත්තේ පොහොර නොමැති බවයි . වෙස්වලාගත් නිලධාරීන් දෙදෙනා ආපසු පැමිණ ඇති අතර පසුව පාරිභෝගික අධිකාරිය නිලධාරීන් විසින් මෙම වෙළඳසැල වටලා හිමිකරු ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහුට කිසිදු පොහොර ගබඩාවක් අයිති නොමැති බවත් කුඹල්ඔලුව ප්‍රදේශයේ ඔහුට අයිති පොහොර ගබඩාවක් නොමැති බවටත් නිලධාරීන් නොමග යැවීම සඳහා ව්‍යාජ තොරතුරු සපයා ඇත . නමුත් මෙම වෙරළ සලට අයිති බව කියන ගබඩාව පරික්ෂා කිරීමේදී අදාල රසායනික පොහොර තොගය පාරිභෝගික අධිකාරි නිලධාරීන්ට හමුවී ඇත . එම ස්ථානයේ යූරියා සහ එම් ඕ පී රසායිනික පොහොර අඩංගු පොහොර අඩංගු උර විසිතුනක් සොයාගෙන ඇත .

ඒ අනුව අදාළ ගබඩාවට නිලධාරීන් විසින් සීල් තබා ඇති අතර වේයන්ගොඩ කුඹල් තොරව ප්‍රදේශයේ පැවති ගබඩාව වෙත නිලධාරීන් පිරිස ගොස් ඇති අතර එය පරික්ෂා කිරීමේදී නිවසට යාබදව පැවති ගබඩාවක පොහොර මිටි විශාල තොගයක් ගබඩා කර තිබී පාරිභෝගික අදිකාරිය නිලධාරීන්ට හමුවී ඇත . යූරියා සහ එම්.ඕ.පී අඩංගු පොහොර මළු තොගයක් හමුවී ඇත. එහි පොහොර කිලෝ පනස්දාහක් තිබූ බව පාරිභෝගික අධිකාරිය පවසයි. නිවසියන් ගෙන් මේ බව ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ ඔවුන්ගේ අක්කර දෙකක් පමණ විශාලවූ පොල්වත්තට සහ අන්නාසි වල දැමීම සඳහාය ගෙනවිත් තිබූ බවයි. නමුත් නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම පොහොර රැගෙනවිත් වැඩි මිලට විකිණීම සඳහා සඟවා තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇති අතර මෙම ගබඩාව ඉහත මීරිගම වෙළෙඳ සැල හිමි කරුට ම අයිති ගබඩාවක් බව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පවසයි .

රජයේ සහනාධාර මිල වන රුපියල් 1500 ට අලෙවි පොහොර මිටියක් රුපියල් 4000ක වැනි මුදලකට මෙම වෙළඳසැලේ දී අලෙවි කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත .
ඒ අනුව ගබඩාවට මුද්‍රා තබා ඇති අතර මිරිගම පිහිටි ගබඩාවටද මුද්‍රා තබා ඇත . වෙළඳ සැලේ හිමිකරුට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇත.

මෙම පොහොර තොගය ගම්පහ මහ දිසාපති තුමාගේ දිසාපතිතුමා ගේ අධීක්ෂණය යටතේ ගොවි ජන සේවා සංවිධාන හරහා ඉදිරියේදී ගොවීන්ට රජයේ සහනාධාර මිලට බෙදා දීමට කටයුතු කරනු ඇති බව ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී ප්‍රදීප් කලුතර ආරච්චි මහතා පැවසීය .

මෙම දිනවල පොහොර හිගයක් පවතින බවට පවතින ප්‍රචාරය මත පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සහ ගම්පහ දිසාපති සුනිල් ජයලත් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි සිදු පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතාගේ මෙහෙයවීම මත විමර්ශන නිලධාරීන් වන සංජීව දයානන්ද , අරුණ ශාන්ත සහ මාලිංග ගුණසේකර යන මහත්වරුන් විසින් මෙම වැටලීම සිදු කළහ.

Most Popular

නැවේ විනාශය සැපතක් බවට හරවන සුපිරි යන්ත්‍රයක්.

නැවේ විනාශය සැපතක් බවට හරවන සුපිරි යන්ත්‍රයක්.ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් අපේ වෙරළ තීරයට විශාල විනාශයක් සිදු...

ඉදිරියේදී හිතන්නත් බැරි සංවර්ධනයක් අත්තනගල්ලේ සිදුවෙනවා… ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ගෙන් සහතිකයක්.

ඉදිරියේදී හිතන්නත් බැරි සංවර්ධනයක් අත්තනගල්ලේ සිදුවෙනවා… අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ගෙන් සහතිකයක්.පසුගිය korona සමයේදී ද...

දුප්පත් කළා ද? වුණාද ? ඉන්ද්‍රජිත් ගෙන් විශ්ලේෂණාත්මක විග්‍රහයක්

දුප්පත් කළා ද? වුණාද ? ඉන්ද්‍රජිත් ගෙන් විශ්ලේෂණාත්මක විග්‍රහයක් ……අපේ රට හා මිනිසුන් දුප්පත් වීම පිළිබඳ මේ වන...

නෞකාවලින් වනසන මුහුදත් වෙරළත් රැකගන්න උත්සාහ දරන ජිවන්ත

නෞකාවලින් වනසන මුහුදත් වෙරළත් රැකගන්න උත්සාහ දරන ජිවන්තඑක්ස්ප්‍රස් පර්ල් නෞකාව අපේ රටට කළ විනාශය සුලු පටු නොවේ…වටිනා මුහුදු...