Sunday, June 20, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් ගංවතුරින් ගම්පහ පවුල් 30,188 ක් පීඩාවට

ගංවතුරින් ගම්පහ පවුල් 30,188 ක් පීඩාවට

ගංවතුරින් ගම්පහ පවුල් 30,188 ක් පීඩාවට….

තෙදිනක් පුරා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 30,188 ක සාමාජිකයින් 1,23,559 දෙනෙකු අද (5) දහවල් වනවිට පීඩාවට පත්ව සිටි බව ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.

දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 307 ක වැසියන් පීඩාවට පත්ව ඇති බවත් මින් වැඩිම පිරිසක් වත්තල, කැලණිය සහ ගම්පහ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයන්ගෙන් වන අතර වත්තල කොට්ඨාසයේ පුද්ගලයින් – 41,819 දෙනෙකු , කැලණිය පුද්ගලයින් – 36,184 ක් සහ ගම්පහ කොට්ඨාසයෙන් පුද්ගලයින් – 10,860 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවත් දිස්ත්‍රික්කයේ සෙසු කොට්ඨාස දහයෙහිද පිරිස් පීඩාවට පත් සිටින බවත් දිසාපතිවරයා සදහන් කළේය.

මෙම ආපදාවෙන් බියගම, කටාන සහ මහර යන කොට්ඨාසයන්හි නිවාස තුනක් පූර්ණ වශයෙන්ද අනෙකුත් කොට්ඨාසයන්හි නිවාස 116 ක් අර්ධ වශයෙන්ද හානියට පත්ව ඇත.

මෙලෙස පීඩාවට පත්ව සිටින ජනතාවට පිසූ ආහාර ඇතුලු අවශ්‍ය පහසුකම් සැලසීම පිනිස කඩිනමින් පියවර ගන්නා ලෙසට සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු අදාල අංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවත් සුනිල් ජයලත් මහතා කීය.

මේ අතර අවතැන්වූවන් මුදවා ගැනීමට සහ ආරක්ෂක ස්ථාන කරා රැගෙන යාම පිනිස යුධ හමුදා සහ නාවික හමුදාව මගින් අවශ්‍ය පියවර ගන්නා බවත් අවශ්‍ය ස්ථානයන් කරා බෝට්ටු යෙදවීමට පියවර ගෙන ඇති බවත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ අජිත් නිශාන්ත මහතා පැවසීය.

Most Popular

මිරිගම පොහොර කඩේ රහසිගත ගබඩාව පාරිභෝගික අධිකාරිය සොයාගනී

මිරිගම කුඹල්ඔලුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන බලපත්‍ර නොමැති පොහොර ගබඩාවක් ගම්පහ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් වටලනු ලැබීය .

ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්තාවකාලිකව අත්හිටුවයි. නැවත ඉදිකිරීම් ඇරඹෙන්නේ සැලැස්ම යළි සමාලෝචනයකර තීරණයකට එළඹීමෙන් පසුවයි. අවශ්‍ය වුවහොත්...

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක් – සංචරණ සීමා තවත් දීර්ඝ කළ යුතු බවට ඉල්ලීමක්

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක් - සංචරණ සීමා තවත් දීර්ඝ කළ යුතු බවට ඉල්ලීමක්කොවිඩ් ව්‍යාප්තිය පාලනයට දැනට...

ජූනි මස දෛනික කොවිඩ් මරණ ඉහළ ට

ජූනි මස දෛනික කොවිඩ් මරණ ඉහළ ටජුනි මාසයේ ගතවූ දින 08 තුළ පමණක් කොවිඩ් මරණ 359ක් සෞඛ්‍ය සේවා...