Thursday, May 6, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් රටේ සෞඛ්‍ය පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී යෑමේ තත්ත්වයක් --සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ...

රටේ සෞඛ්‍ය පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී යෑමේ තත්ත්වයක් –සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ

රටේ සෞඛ්‍ය පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී යෑමේ තත්ත්වයක් –සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ

මහජනතාව වගකීම් විරහිතව කටයුතු කිරීම හේතුවෙන් ඉදිරියේදී රටේ සෞඛ්‍ය පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී යෑමේ තත්ත්වයක් උද්ගත වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ නිසි පරිදි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරමින් ජනතාව තවදුරටත් කටයුතු කිරීම හේතුවෙන් දෛනිකව ආසාදිතයින් වාර්තාවීම ඉහළ යමින් පවතින බවය.

මෙම තත්ත්වය තවදුරටත් පැවතියහොත් මෙරට රෝහල් පද්ධතිය තුළ පවතින ධාරිතාව ඉක්මවා යෑම සහ සම්පත් සීමාසහිතවීම හේතුවෙන් සෞඛ්‍ය පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී යනු ඇති බව ඔහු සඳහන් කළේය.

පසුගිය 27 වනදා සිට මෙරට දෛනිකව ආසාදිතයින් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර එය සියයට 70 ක පමණ වර්ධනයක් බව උපුල් රෝහණ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව රට තුළ පවතින කොවිඩ් -19 අවදානම වළක්වා ගැනීම සඳහා නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සෞඛ්‍ය අංශ වෙත උපරිම සහයෝගය ලබාදෙන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ජනතාවට දැනුම් දෙයි.

Most Popular

ඉන්දියාවෙන් මෙරටට ඇතුළුවීම තහනම් කරයි

ඉන්දියාවෙන් මෙරටට ඇතුළුවීම තහනම් කරයිඉන්දියාවේ සිට පැමිණෙන කිසිඳු පුද්ගලයකුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම, අද (06) සිට වහාම ක්‍රියාත්මක වන...

ගත වූ 24 පැයේ තවත් කොරෝනා මරණ 25ක්

ගත වූ 24 පැයේ තවත් කොරෝනා මරණ 25ක්කොරෝනා ආසාදිත වී සිටි තවත් 25 දෙනකු‍ගේ මරණ ඊයේ (5) වාර්තා...

ෆොන්සේකා, වීරසේකර මැති ස‍බේදී ඇවිලේ

ෆොන්සේකා, වීරසේකර මැති ස‍බේදී ඇවිලේමහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් අතර ඇතිවූ...

දක්ෂිණ අධිවේගයේ මත්තල පිවිසුමත් වහයි

දක්ෂිණ අධිවේගයේ මත්තල පිවිසුමත් වහයිදක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිවිසුමේ සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු...