Thursday, May 6, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් දිස්ත‍්‍රික්ක 08ක් බරපතල අවදානමක

දිස්ත‍්‍රික්ක 08ක් බරපතල අවදානමක

දිස්ත‍්‍රික්ක 08ක් බරපතල අවදානමක

මෙරට දිස්ත්‍රික්ක 8ක කොරෝනා ව්‍යාප්ති තත්ත්වය බෙහෙවින් බරපතළ වෙමින් ඇතැයි සෞඛ්‍ය අංශ විසින් රජයට පෙන්වාදී ඇත.

කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, මහනුවර, මාතලේ, මොනරාගල, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල තත්ත්වය ඉදිරියේදී තවත් බොහෝ බරපතළ වීමට ඉඩ ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම දිස්ත‍්‍රික්කවල පවත්නා බරපතළ තත්ත්වය අනෙක් දිස්ත‍්‍රික්කවලද බරපතළ ලෙසින් ඇතිවණු ඇතැයි ද එම සංගමය රජය වෙත දැනුම් දී තිබේ.

සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කරන්නේ මෙම දිස්ත්‍රික් තුල පරීක්ෂණ විධිමත්ව සිදු කිරීම, ආසාදිතයන් රෝහල් ගත කිරීම, ආශ්‍රිතයන් හඳුනා ගැනීමද ප්‍රමාද වී ඇති නිසා තත්ත්වය බරපතල බවයි.

මෙම බරපතල තත්ත්වයෙන් ගැලවීමට නම් වහා සංචාර සීමා පැනවීමට කටයුතු කළ යුතු බවත් සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් රජයට පෙන්වා දුන් බවද ඔහු කියා සිටියේය.

Most Popular

ඉන්දියාවෙන් මෙරටට ඇතුළුවීම තහනම් කරයි

ඉන්දියාවෙන් මෙරටට ඇතුළුවීම තහනම් කරයිඉන්දියාවේ සිට පැමිණෙන කිසිඳු පුද්ගලයකුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම, අද (06) සිට වහාම ක්‍රියාත්මක වන...

ගත වූ 24 පැයේ තවත් කොරෝනා මරණ 25ක්

ගත වූ 24 පැයේ තවත් කොරෝනා මරණ 25ක්කොරෝනා ආසාදිත වී සිටි තවත් 25 දෙනකු‍ගේ මරණ ඊයේ (5) වාර්තා...

ෆොන්සේකා, වීරසේකර මැති ස‍බේදී ඇවිලේ

ෆොන්සේකා, වීරසේකර මැති ස‍බේදී ඇවිලේමහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් අතර ඇතිවූ...

දක්ෂිණ අධිවේගයේ මත්තල පිවිසුමත් වහයි

දක්ෂිණ අධිවේගයේ මත්තල පිවිසුමත් වහයිදක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිවිසුමේ සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු...