Thursday, May 6, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් සහල් ඒකාධිකාරිය නැති කිරීමට නිලන්ත දිල්රුක් ගෙන් ඉගෙන ගන්න

සහල් ඒකාධිකාරිය නැති කිරීමට නිලන්ත දිල්රුක් ගෙන් ඉගෙන ගන්න

සහල් ඒකාධිකාරිය නැති කිරීමට නිලන්ත දිල්රුක් ගෙන් ඉගෙන ගන්න

LANKA VOICE TV ඔහු සමඟ සිදු කළ සංවාදයයි මේ.

• ලංකාවේ සහල් ඒකාධිකාරයක් ගොඩනැගිල තියෙනවද, නැත්තම් රජයට සහල් මිල පාලනය කරන්න පුලුවන්ද?

ව්‍යාපාරිකයෙක් වශයෙන් මම දකින දේ තමයි ගොවි මහතාට උපරිම සිල්ලර මිලක් ලැබෙන්න ඕනි. ඕනෑම ව්‍යාපාරයක් රදා පවතින්නෙ ලාභය අනුව. මම ගම්මාන ගණනාවකට ගියා. ගොවියො දුප්පත්. රටේ අරක්කු බාර් හිමියො පෝසත්. මේකෙ ලොකු වෙනසක් තියෙනව. රටේ මිනිස්සු අරක්කුවලට වියදම් කරාට එක් කතා කරන් නෑ. නමුත් හාල් කිලෝ එකට රු 10ක්. 98ක මිල පාලනයක් තියෙන එක අතෑරිය නම් ඕක 110ක්. මගේ දෑනීමේ හැටියට මෙහෙම මිල ඉහළ ගියාට අයේ අඩු වෙන්න ඕනි. ඕක තමා අපි දන්න ව්‍යාපාරයේ හැටි.

මම හිතනවා මේක දේශිය ගොවියට නිදහසේ කරගෙන යන්න දෙන්න ඕනි. මැති ඇමතිවරු මේකෙන් අයින් වෙන්න ඕනි. මැති ඇමතිවරුන්ට තියෙන්නෙ අඩුවට කන්න දෙන්න මොන ජරාව හරි ගෙනල්ල. ඒගොල්ලො හිතන්නෙ අඩුවට කන්න දුන්නම තමා එයාලගෙ පැවැත්ම තියෙන්නෙ කියල. ඉතින් මම එතන නෑ. මම හිතන්නෙ ගොවි මහත්තයට උපරිම මිලක් ලැබෙන්න ඕනි.

• ගොවියාගෙන් රු 50කට ගන්න වී කිලෝවක්, නමුත් වෙළෙදපොලනේ සහල් කිලෝව රු 100ක්. අතරමැදියා විශාල ලාභයක් ලබනවා. ගොවියට සාධාරණ මිලක් ලබා දෙන්නෙ කොහොමද? ව්‍යාපාරිකයෙන් වශයෙන් ඔබේ අදහස
ගොවියාගෙන් රු 50ට අරගෙන ගොඩක් අය කියනවා ලොකු මෝල පෙන්නල කියනව මෙතන මාෆියාවක් තියෙනව කියල. මම නම එහෙම දකින් නෑ. හේතුව එහෙම රගපාන්න බැ කාටවත්. කුඩා මෝල්වලට ඊට වඩා අඩුවෙන් පුලුවන්. මේකට පුලුවන් තරම් තාක්ෂණය හදුන්වල දෙන්න ඕනි. උදාහරණයක් විදිහට මම ගෙනාව ලේසර් මැශින් එකක්. සේවකයින් 75ක වැඩ එකවර කරනවා. අපි මේකට තාක්ෂණය හදුන්වල දෙන්න ඕනි. මේක සහල් බවට පත් කරන තාක්ෂණය මම දන්නෙ නෑ.

නමුත් එහෙම විශාල මුදලක් වැය නොවී කරගන්න ඕනි. මම අද ඉන්නෙ දැන් අණ්ඩුවෙන් දීල තියෙනවා ගොවියට රු 50ක සහතික මිලක්. ඒක 70 දක්වා වැඩි වෙන්න ඕනි. සහල් රු 110 මිල වැඩි වෙන්න ඕනි. එතකොට ඔය පුරන් කුඹුරු අස්වද්දමු කියල රටපුරා යන්න ඕනි නෑ. ලාභ ලැබෙන කොට මේක දුවන්න ගන්නව. ගොවියට මුදල් ලැබෙන්න ඕනි. ගොවි මහත්තුරු දියුණු තැනකට පත් කරොත් කොහෙන්වත් හාල් රටින් ගේන්න ඕනි නෑ. මේක අතට මුදල් ලැබෙන ව්‍යාපාරයක් වෙනවා. දරුවන් මේකට යොමුවෙනවා. මම ගිය ගම්වල දැක්කා සමහර ළමයි ගාර්මන්ට්වල, රට ගිහිල්ල. මේ ඔක්කොම නැවත ගොවිතැනට යොමු කරන්න ඕනි. අණ්ඩුව කියන 98 අයින් කරල එතන 110 කරන්න ඕනි. රු 10කි කියන එක් මං හිතන් නෑ මේ රටේ මිනිස්සුන්ට ලොකූ ගානක් කියල. ගොවියා වෙනුවෙන් රට වෙනුවෙන් එක් කරන්න ඕනි.

• ව්‍යාපාරිකයෙක් වශයෙන් ඔබතුමා මේ විශ පොල්තෙල් ගැටලුව දකින්නෙ කොහොමද?

රටට, ජනතාවට වහ විකුණන්න කිසිවෙකුට අයිතියක් නෑ. මේ වරදට හවුල් සියලුදෙනාට තරාතිරම නොබලා දඩුවම් කරන්න ඕනි. පොල්තෙල් ද ගෙනාවෙ? මෙකෙන් පේනවා මේ රටේ දේශපාලකයන්ට ඕනි රටේ ජනතාවට අඩුවට කන්න දෙන්න. මේකට අනුබල දෙන්නෙ දේශපලකයො නම් මේක දෙන්න පාර්ලිමේන්තුවට.

රටින් කෑමට ගේන සියලු දේ මුලින්ම පාර්ලිමේන්තුවට දෙන්න. ඊටපස්සෙ තමා මහජනතාවට දෙන්න ඕනි. සහල්වලට වුණ දේ තමා කරල තියෙන්නෙ. පොල් ආශ්‍රිත නිශ්පාදකයින්ට ලාභ ලැබෙන්න ඕනි. මේව පාඩු කරල තියෙන්නෙ. මම හිතනවා මේවත් පියරටින් ගේනන බැරි නම්, අපේ රටට අවශ්‍ය තෙල් අපිට නිශ්පාදනය කර ගන්න බැරි නම් මෙච්චර පොල් තියෙන රටේ අපි ලැජ්ජ වෙන්න ඕනි. මට තියෙන ගැටලුව මේ තෙල් කොයි රටෙන් ද ගෙනාවෙ කියන එක. එක පොල් ගහක්වත් නැති රටකින්ද, රටේ ජනතාවට කන්න දෙන්න ගේන කෑම ගැන ලොකු කතිකාවක් ඕනි.

• ව්‍යාපාරිකයෙක් වශයෙන් රටේ ආර්ථික අර්බුදය විග්‍රහ කරන්නෙ කොහොමද?

අපිට වගා කරන්න, නිශ්පාදනය කරන්න පුලුවන් හැමදෙයක්ම පිටරටින් ගෙන්නල කන්න පුරුදුවුන ජාතියක් කවදාවත් දියුණු වෙන නෑ. මම කියන්නෙ මේ ආර්ථිකයට හොදම විසදුම දේශීය ආර්ථිකය. මෙහෙ නිශ්පාදනය කරන්න පුලුවන් දේවල් නිශ්පාදනය කරගන්න ඕනි. හාල්වල රු 10ක ප්‍රශ්නයක් තමා ඇදි ඇදි තියෙන්නෙ. මේක රටේ ජනතාව අතට කීයක්හරි ගියාට කමක් නෑ. මෙ රටේ මිනිස්සුන්ගෙ ඇතුලෙ තමා මේක යන්න ඕනි. පොළොන්නරුව පැත්තෙ කුඹුරු කැපෙනකොට අපේ ලොරි 20 30 යන්නෙ. ගොවි මහත්තයගෙ අතට ලාභය යනකොට තමා භාණ්ඩ විකිණෙන්නෙ. මෙ දේශියව නිශ්පාදනය කරන ගෘහ භාණ්ඩ අපි රැගෙන යන්නෙ පොළොන්නරුව, අනුරාධපුරය, මහියංගණය, අම්පාර පැත්තට. රටේ ආර්ථිකය ගොඩගන්න නම් දේශිය නිශ්පාදනය පිලිබද ලොකු අවබෝධයක් තියෙන්න ඕනි.

• සියලු දේ ආනනය කිරීමත් මේ ආර්ථික අර්බුදටය හේතුවක් නේද?

අපිට නිශ්පාදනය කරගන්න පුලුවන් දේවල් පිටරටින් ගේන්න අවශ්‍යම නෑ. මෙහෙ යම් ප්‍රමාණයක් මිල වැඩිවෙයි. වැඩි වෙනවා වගේම අඩුත් වෙනවා. රජයෙන් අවශ්‍ය තාක්ෂණය දැනුම යන්ත්‍ර බදු සහන යටතේ හෝ දෙන්න ඕනි. නිශ්පාදනයකට අවශ්‍ය යන්ත්‍ර ගේන්න ඕනි. මේ රටට ගෙනාවෙ ඉන්ටකූලර් ප්‍රාඩෝ බෙන්ස් වගේ ඇමතිවරුන්ට යන්න වාහන. යන්ත්‍ර ගේනවා මම දැක්කෙ නෑ.

• ලංකාවෙ විනය නැති එකද රිය අනතුරුවලට හේතුව?

විනය නැතිකම තමා හේතුව. මං බලාපොරොත්තු වුණා මේ ගෝඨාභය මහත්තය ජනාධිපති වෙලා පහුවෙනිද ඉදන්ම විනය හදයි කියල. තාම නම් වුනේ නෑ. අපි දකිනවා දවසකට 10ක් මැරෙනවා කියල. එතකොට මීට වඩා බරපතල තුවාල ලබනවා. දැන් පස්සර අනතුරෙත් 14ක් මැරෙනකොට 30ස් ගාණක් තුවාල ලබනවා. ඊට අමතරව ජපානෙට, ඉන්දියාවට, යුරෝපෙට විනයක් නැතිකම නිසා යන අමතර කොටස් නිසා යන මුදල ගැන කතාවෙන නෑ. ඇත්තටම මේ ගලාගෙන යන්නෙ ලේ.

අවුරුද්දකට 3000ක් මැරෙනවා කියන්නෙ 20 000ක් බරපතල තුවාල ලබනවා. බිලියන ගාණක් රටේ සල්ලි අමතර කොටස් සදහා ඇදී යනවා. විනය හැදුවොත් අයවැය පරතරය පවා අඩු කරගන්න පුලුවන්. මං තීරු නීතිය ක්‍රීයාත්මක වෙන්න ඕනි. දඩ ලියන්නෙ හැංගිලානෙ. මං කියන්නෙ පොලිස් නිලධාරීන් සිවිල් වාහනවල යන්න ඕනි. වාහන 500 දාන්න ඕනි රටටම. දාලා පාරෙ යන පිස්සු බල්ලව අල්ලන්න ඕනි. මිනිස්සු සිග් සැග් ක්‍රමයට පාරෙ යන්නෙ. ඉන්දියන් කුණු වාහන නතර කරපු වෙලාවෙ නැවත මේ රටට ගේන්න එපා. වසර 10ක පැරණි වුනත් ජපන් වාහන ගේන්න කියනවා.

• යුධ සමයේ මාවිල්ලාරුව වසා දැමූ අවස්ථවෙ ඔබ එහි යනවා. ඒ ගැන මතක් කරමු

ගොඩක් අය කිව්වෙ මේක ඉවර කරන්න බෑ කියල. නමුත් එදා අපේ රණවිරුවො ඒ දේ කරා. මාවිල්ලාරු සොරොව්ව වහපු ‍අවස්ථාවෙ අපි ගියා. එදා තමා බල කරේ ආණ්ඩුවට යුද්ධය කරන්න. අපිට ගොඩක් අය අපහාස කරා. අපි යුද්ධ කරන්න පෙළබෙන මිනිස්සු කිව්වා. සාමය උදා වුනේ එදා අපි ගිහිල්ල කිව්වා රටට ටේ යුද්ධය කරන්න. එදා පටන්ගත්ත එක අපේ රණවිරුවො ඉවරයක් කරා. දැන් ගොඩක් මිනිස්සුන්ට අමතකයි. එදා කරපු කැපකිරීම්වල ප්‍රතිපල තමා අද මේ මුලු රටක් සාමය භුක්ති විදින්නෙ.

Most Popular

ඉන්දියාවෙන් මෙරටට ඇතුළුවීම තහනම් කරයි

ඉන්දියාවෙන් මෙරටට ඇතුළුවීම තහනම් කරයිඉන්දියාවේ සිට පැමිණෙන කිසිඳු පුද්ගලයකුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම, අද (06) සිට වහාම ක්‍රියාත්මක වන...

ගත වූ 24 පැයේ තවත් කොරෝනා මරණ 25ක්

ගත වූ 24 පැයේ තවත් කොරෝනා මරණ 25ක්කොරෝනා ආසාදිත වී සිටි තවත් 25 දෙනකු‍ගේ මරණ ඊයේ (5) වාර්තා...

ෆොන්සේකා, වීරසේකර මැති ස‍බේදී ඇවිලේ

ෆොන්සේකා, වීරසේකර මැති ස‍බේදී ඇවිලේමහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් අතර ඇතිවූ...

දක්ෂිණ අධිවේගයේ මත්තල පිවිසුමත් වහයි

දක්ෂිණ අධිවේගයේ මත්තල පිවිසුමත් වහයිදක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිවිසුමේ සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු...