Thursday, May 6, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් නොසැලෙන ශක්තියෙන් සියල්ල වෙනස් කරන අපූරු චරිතයක්..

නොසැලෙන ශක්තියෙන් සියල්ල වෙනස් කරන අපූරු චරිතයක්..

නොසැලෙන ශක්තියෙන් සියල්ල වෙනස් කරන අපූරු චරිතයක්..

තමන්ට එල්ල වන නින්දා අපහාස සියල්ල නොසැලෙන ශක්තියෙන් යුතුව ඉවසා දරා ගැනීමෙන් ජීවිතය ජයගත් අපූරු මිනිසකු අපට හමුවුණා. කිසිවෙකුත් අත නොගසන ක්ෂේත්‍රයක් ඔහු සිය වෘත්තිය බවට පත් කර ගත්තා. අද අපගේ සාකච්ඡාවට එක් වන කතා නායකයා වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කපිල කරුණාරත්න මහතායි. කැලි කසල බැහැර කිරීම පළාත් පාලන ආයතන වලට ගැටලුවක්ව පැවති අවස්ථාවේ ඔහු පෞද්ගලිකව ම ඒ සඳහා විසඳුම් සොයා ගත්තා. තමන්ගේ වත්තේ කැළි කසල එක්රැස් කරමින් ඒවා කොම්පෝස්ට් පොහොර බවට පරිවර්තනය කරමින් මෙම ගැටලුවට සාර්ථක විසඳුම් ලබාදීමට කපිල ට හැකි වුණා.

ඔහුගේ මෙම ව්‍යාපෘතිය හේතුවෙන් පළාත් පාලන ආයතන වලට ද මහත් සැනසීමක් උදාවී තිබෙනවා. ගම්පහ මහ නගර සභාව වැනි පළාත් පාලන ආයතන වලට කසල බැහැර කිරීම සඳහා තමන්ගේ බල ප්‍රදේශයේ කිසිදු ඉඩමක් නැහැ. එමෙන්ම ඒ සඳහා ක්‍රියා කෘතියක් ද ක්‍රියාත්මක වන්නේ නැහැ. ඊට විසඳුම් සෙවූ කපිල කරුණාරත්න මහතා වේයන්ගොඩ පිහිටි තමන්ගේ ගෙවත්තේ කසල බැහැර කිරීමට ඉඩ සලසා දුන්නා. කසළ කඳු ගොඩ ගැසුණා. ප්‍රදේශවාසීන්ගෙන් ඔහුට විවිධ අපවාද,චෝදනා එල්ල වුණා.

එහෙත් ඒ සියල්ල ඉවසා සිටි ඔහු විද්‍යානුකූලව හා නියමානුකූලව කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය ආරම්භ කළා. කසළ කඳු වලින් දුගඳ පිටවීම වැළැක්වීම සඳහා ඔහු විවිධ උපක්‍රම යෙදුවා. ඒවා මේ වන විට සාර්ථක වෙමින් පවතිනවා. කපිල කරුණාරත්න මහතා මේ වන විට අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ද වනවා. ගමේ මන්ත්‍රීවරයා ලෙසින් ගමටත් ප්‍රදේශයටත් විශාල සේවාවක් ඉටු කිරීම සඳහා ඔහු දැනටමත් සැලසුම් සකස් කර අවසන්. බැලූ බැල්මට එම සැලසුම් ඉතා නිර්මාණශීලී වූ ඒවා.

( මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන් )

Most Popular

ඉන්දියාවෙන් මෙරටට ඇතුළුවීම තහනම් කරයි

ඉන්දියාවෙන් මෙරටට ඇතුළුවීම තහනම් කරයිඉන්දියාවේ සිට පැමිණෙන කිසිඳු පුද්ගලයකුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම, අද (06) සිට වහාම ක්‍රියාත්මක වන...

ගත වූ 24 පැයේ තවත් කොරෝනා මරණ 25ක්

ගත වූ 24 පැයේ තවත් කොරෝනා මරණ 25ක්කොරෝනා ආසාදිත වී සිටි තවත් 25 දෙනකු‍ගේ මරණ ඊයේ (5) වාර්තා...

ෆොන්සේකා, වීරසේකර මැති ස‍බේදී ඇවිලේ

ෆොන්සේකා, වීරසේකර මැති ස‍බේදී ඇවිලේමහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් අතර ඇතිවූ...

දක්ෂිණ අධිවේගයේ මත්තල පිවිසුමත් වහයි

දක්ෂිණ අධිවේගයේ මත්තල පිවිසුමත් වහයිදක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිවිසුමේ සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු...