Friday, April 23, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් කොවිඩ් -19 නිසා ඉදිරි උත්සව සමයේ අභියෝග රැසක්.

කොවිඩ් -19 නිසා ඉදිරි උත්සව සමයේ අභියෝග රැසක්.

කොවිඩ් – 19 රෝගය වැළඳී මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කය තුළ නිශ්චිත ස්ථානයක් මේ වන විට හඳුනාගෙන නැති බවත් ඉදිරි කාලයේ පවතින උත්සව සමය හේතුවෙන් අභියෝග රැසක් පැන නැගී ඇති බවත් දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ ක්‍රිශාන්ත සමරවීර මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (30) පෙරවරුවේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ගම්පහ දිස්ත්‍රික්කය තුළ මේ වන විට පවත්නා කොවිඩ් – 19 රෝග තත්ත්වය පිළිබඳ සමාලෝචනයක් කරමිනි.

ඉදිරි උත්සව සමය හේතුවෙන් සංචරණ කටයුතු වැඩි වන අතර ජනතාව එක්රැස්වීමත් සිදු වනු ඇත. ගම්බිම් බලා යන ජනතාව මෙන්ම බස්නාහිර පළාත තුළ පාසල් ආරම්භයත් කොවිඩ්  – 19 නිසා අභියෝගයට කරුණක් බව ද සමරවීර මහතා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රිශාන්ත සමරවීර මහතා, “එදා සිට අද දක්වා කාලය තුළ මෙරට සමස්ත කොවිඩ් – 19 රෝගීන්ගෙන් 1/5ක් එනම් 18,000ක් පමණ ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගත්තා. ඉන් වැඩිම සංඛ්‍යාවක් වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ද අවම සංඛ්‍යාවක් කටාන  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙ හඳුනාගෙන තියෙනවා. පසුගිය සති 02 තුළ බියගම, සීදූව ප්‍රදේශයෙන් වැඩි කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තියෙනවා.

පසුගිය 22 සිට 26 දක්වා කාලය තුළ වෙළඳ කලාප ආශ්‍රිතව අහඹු පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළ අතර එසේ කළ 1896 දෙනෙකුගෙන් 16 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බව තහවුරු කර ගත්තා. මේ වන විට එන්නත් ලබා දුන් ලක්ෂ හතර හමාරක් වන පිරිස අතරින් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් එන්නත්තරණය සඳහා පැමිණ ඇත්තේ 38%ක් බවත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් එන්නත විඳගැනීමට පැමිණීම අඩාල වී ඇති බවත්” සමරවීර මහතා අවධාරණය කළේය.

Most Popular

සහල් ඒකාධිකාරිය නැති කිරීමට නිලන්ත දිල්රුක් ගෙන් ඉගෙන ගන්න

සහල් ඒකාධිකාරිය නැති කිරීමට නිලන්ත දිල්රුක් ගෙන් ඉගෙන ගන්නLANKA VOICE TV ඔහු සමඟ සිදු කළ සංවාදයයි මේ.

කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයක් හුදෙකලා කෙරේ.

කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයක් හුදෙකලා කෙරේ.කොරොනා නිසා කුලියාපිටිය හුදෙකලා කෙරේ. කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය...

හාල් මාෆියාව නැති කරන හැටි….. Dilruk ගෙන් ඉගෙන ගන්න.

හාල් මාෆියාව නැති කරන හැටි….. Dilruk ගෙන් ඉගෙන ගන්න.හාල් පමණක් නොව වර්තමානය වන විට විවිධ මාෆියාවන් ක්‍රියාත්මක වන...

අධිෂ්ඨානයෙන් සියල්ල වෙනස් කළ සිටුවරයෙක්.

අධිෂ්ඨානයෙන් සියල්ල වෙනස් කළ සිටුවරයෙක්.වර්තමානයේ බොහෝ දෙනා උත්සාහ දරන්නේ විභාග සමත් වී රැකියාවක් සඳහා යොමු වීමයි. ව්‍යාපාර සඳහා...