Friday, April 23, 2021
- Advertisement -
Home වෙනත් මෛත්‍රී සම්බන්ධයෙන් කාදිනල් හිමිගෙන් ප්‍රකාශයක්

මෛත්‍රී සම්බන්ධයෙන් කාදිනල් හිමිගෙන් ප්‍රකාශයක්

පාස්කු කොමිෂන් සභා වාර්තාවට අනුව වරද කරුවකු ලෙස සඳහන් කර සිටින හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි රජයෙන් ඉල්ලීමක් කරයි.

වාර්තාව හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙසද අගරදගුරු හිමි සඳහන් කර ඇත.

පාස්කු ඉරුදින දේවමෙහෙය අද (04) උදෑසන කොළඹ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී පැවති අතර එය අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.

දේව මෙහෙයෙන් අනතුරුව අදහස් දැක්වූ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

“මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලනවා රජයෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳව අධ්‍යනය කරන්නට පත්කරපු කොමිෂන් සභාවේ වාර්තාව ක්‍රියාවට නංවන්න කියලා. අපිට සමහර වෙලාවට ලැජ්ජත් හිතෙනවා. අපේ හිටපු ජනාධිපතිතුමා ඡන්දෙ ඉල්ලනවායි කියලා කතාවක් යනවා. මම අහන්න කැමතියි ඇඳුම් ඇඳගෙන ද මේ කතාව කියන්නේ කියලා. මිනිස්සුන්ගේ මරණ ගැන දැන දැනත් තමන්ගේ යුතුකම් අමතක කරලා දාලා පිටරටට ගිය ජනාධිපතිතුමා කොහොමද ඡන්දෙ ඉල්ලන්නේ ආයෙත් සැරයක්. කොහොමද පක්ෂයක නායකයෙක් වෙන්නේ. කොමිෂන් සභා වාර්තාවේ එතුමා වරදකරුවෙකු හැටියට හඳුන්වලා තියෙනවා. එහෙමනම් එතුමාට විරුද්ධව ගන්න ඕන ක්‍රියාමාර්ගය නීතිමය වශයෙන් ගන්නට තවත් පරක්කු කරන්න අවශ්‍ය නෑ. තමන්ගේ අතේ වැරදි තියාගෙන අත් හෝදගන්න යන පිලාත්ලා වෙන්න එපා කියලා මම ඒ අදාළ නායකයින්ට කියනවා. ගෙදර ගිහින් වැඩක් බලා ගන්න.”

Most Popular

සහල් ඒකාධිකාරිය නැති කිරීමට නිලන්ත දිල්රුක් ගෙන් ඉගෙන ගන්න

සහල් ඒකාධිකාරිය නැති කිරීමට නිලන්ත දිල්රුක් ගෙන් ඉගෙන ගන්නLANKA VOICE TV ඔහු සමඟ සිදු කළ සංවාදයයි මේ.

කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයක් හුදෙකලා කෙරේ.

කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයක් හුදෙකලා කෙරේ.කොරොනා නිසා කුලියාපිටිය හුදෙකලා කෙරේ. කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය...

හාල් මාෆියාව නැති කරන හැටි….. Dilruk ගෙන් ඉගෙන ගන්න.

හාල් මාෆියාව නැති කරන හැටි….. Dilruk ගෙන් ඉගෙන ගන්න.හාල් පමණක් නොව වර්තමානය වන විට විවිධ මාෆියාවන් ක්‍රියාත්මක වන...

අධිෂ්ඨානයෙන් සියල්ල වෙනස් කළ සිටුවරයෙක්.

අධිෂ්ඨානයෙන් සියල්ල වෙනස් කළ සිටුවරයෙක්.වර්තමානයේ බොහෝ දෙනා උත්සාහ දරන්නේ විභාග සමත් වී රැකියාවක් සඳහා යොමු වීමයි. ව්‍යාපාර සඳහා...