Sunday, July 25, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් ව්‍යාපාරික ප්‍රසාද් හේමන්ත රණවීර මහතාට දේශමාන්‍ය පදවියක්

ව්‍යාපාරික ප්‍රසාද් හේමන්ත රණවීර මහතාට දේශමාන්‍ය පදවියක්

අසරණ ජනතාවට පිහිට වූ ව්‍යාපාරික ප්‍රසාද් හේමන්ත රණවීර මහතාට දේශමාන්‍ය පදවියක්

කොවිඩි සමයේ කාගෙවත් හව්හරණක් නොවූ දිළිඳු පවුල් වලට ආහාර ලබා දෙමින් පිහිටවු ව්‍යාපාරිකයාට ශ්‍රී ජයවර්ධනපුර ගුණසමරු කමිටුව මගින් ගෞරව නාමයන්

ශ්‍රී ජයවර්ධනපුර ගුණසමරු කමිටුව මගින් මෙරට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ජනතාවට කරනු ලබන සේවාවන් ඇගයීම සිදුකරනු ලබයි. එම ජනතා සේවාවන් වලට කැපවූ පුද්ගලයින් සඳහා ගෞරව නාම ප්‍රදානය කිරීම සිදුවන්නේ වසර ගණනාවක් එම සේවාවන් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.

මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් සම්මාන ගෞරව නාමයට හිමිකම් ලැබුවේ ප්‍රසාද් හේමන්ත රණවීර මහතා යි.

ඒ අනුව ඔහුට විශ්ව කීර්ති; දේශමාන්‍ය; ධර්ම ප්‍රසාද; ව්‍යාපාර භූෂණ ;මානව හිතවාදී ;සියනෑ පුත්‍ර යන පදවි නාමයන් ලබා දෙන්නට නිර්දේශ කිරීමට ශී ජයවර්ධනපුර ගුණසමරු කමිටුව තීරණය කර ඇත.

ගුණසමරුවිසින් සිදු කළ සමාජ මෙහෙවර වන ණනාවකි. පාසැල් දරු දැරියන්ට අවශ්‍ය උපකරණ ලබාදීම; ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබා දීම; දිළිඳු පවුල්වලට ආධාර කිරීම පමණක් නොව ආගමික ස්ථානවලට ආධාර කර ඇත්තේ ද නිහඬව මය.

ඔහුගේ සත්කාරයන් නිරීක්ෂණය කළ එම පදනමෙි ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී වශයෙන් කටයුතු කරන ඉන්දික ලක්මාල් මහතා ඒ බව අදාළ කමිටුව යෝජනා කර තිබුණි.

ඔහුගේ සත්කාරයන් වල ආසන්නතම මානුෂීය මෙහෙවර මේ කෝවිඩි අවදානම පැවැති සමයයි.. එහිදී ඔහු සහ ඔහුගේ දයාබර බිරිඳ දරුවන් දෙදෙනා සමග එක්ව සතියකට වරක් ආහාර මලු ලබාදෙමින් සරණක් විය.ඒ පවුල් 40 කටය.

ඔහු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු ව්‍යාපාරිකයෙකි. එහි ද නිරතවන්නේ අයුතු ලාභ නොලබා සහ සාධාරන ව්‍යාපාරයක් ලෙසිනි. වැඩි විස්තර පසුව අප පවසන්නම්.

ගෞරව සම්මාන උත්සවය සෞඛ්‍ය ආරක්ෂිතව ගම්පහ මාකවිට ප්‍රදේශයේදි ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතාගේ මූලිකත්වයෙන් සිදුවිය.

එහිදී අදාළ පදවියේ දිවුරුම් දිමෙන් පසු ලබා දීමෙන් අනතුරුව එම ගෞරව නාමය ප්‍රදානය කිරීම ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා අතින් සිදුවිය.

මෙම අවස්ථාවට ජයවර්ධන ගුණසමරු කමිටුවේ ලේකම් පද්මා ශ්‍රියාලතා මද්දුමගේ මහත්මිය එම කමිටුවේ කඩුවෙල සංවිධායක සියානි කොහිලමුල්ල මහත්මියද ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී ඉන්දික ලක්මාල් මහතාද සහභාගී විය

නරඹන්න වීඩියෝ වැඩසටහන

Most Popular

නැවේ විනාශය සැපතක් බවට හරවන සුපිරි යන්ත්‍රයක්.

නැවේ විනාශය සැපතක් බවට හරවන සුපිරි යන්ත්‍රයක්.ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් අපේ වෙරළ තීරයට විශාල විනාශයක් සිදු...

ඉදිරියේදී හිතන්නත් බැරි සංවර්ධනයක් අත්තනගල්ලේ සිදුවෙනවා… ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ගෙන් සහතිකයක්.

ඉදිරියේදී හිතන්නත් බැරි සංවර්ධනයක් අත්තනගල්ලේ සිදුවෙනවා… අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ගෙන් සහතිකයක්.පසුගිය korona සමයේදී ද...

දුප්පත් කළා ද? වුණාද ? ඉන්ද්‍රජිත් ගෙන් විශ්ලේෂණාත්මක විග්‍රහයක්

දුප්පත් කළා ද? වුණාද ? ඉන්ද්‍රජිත් ගෙන් විශ්ලේෂණාත්මක විග්‍රහයක් ……අපේ රට හා මිනිසුන් දුප්පත් වීම පිළිබඳ මේ වන...

නෞකාවලින් වනසන මුහුදත් වෙරළත් රැකගන්න උත්සාහ දරන ජිවන්ත

නෞකාවලින් වනසන මුහුදත් වෙරළත් රැකගන්න උත්සාහ දරන ජිවන්තඑක්ස්ප්‍රස් පර්ල් නෞකාව අපේ රටට කළ විනාශය සුලු පටු නොවේ…වටිනා මුහුදු...