මැලේසියාවටත් රඔුටන් යවන අපේ රටේ වීරයෙක්.
රඔුටන් කියන්නේ බොහෝ දෙනෙක් ප්‍රිය කරන පළතුරක්. රඔුටන් මැලේසියාවේ දී උපත ලැබූ බවයි සඳහන් වෙන්නේ. නමුත් මේ වනකොට රටවල් කිහිපයකම රඔුටන් තිබෙනවා. ශ්‍රී ලංකාවේ වැවෙන රඔුටන් ඉතා රසවත් බවයි පිළිගැනීම. මේ රස තවත් වැඩි වෙන්න හේතුවක් වන්නේ කාබනික ක්‍රමයට රඹුටන් වගා කළොත් පමණයි. බොහෝදෙනෙකුගේ පිළිගැනීම රඔුටන්වලට පොහොර යෙදීම අවශ්‍ය නැති බවයි. ජලය යෙදීම ගැන බොහෝ දෙනා හිතන්නෙවත් නැහැ.
මේ දෙකම නිවැරදි ලෙසට රඔුටන් වගාවේදී අවශ්‍ය වනවා. ඒ වගේම රඹුටන්වල අතු කප්පාදුවත් නිවැරදි ක්‍රමයට සිදු කිරීම අත්‍යවශ්‍යම වනවා. මේ නිවැරදි ක්‍රම භාවිත කරමින් සාර්ථක රඹුටන් වගා කරුවකු වන ඔස්මන් ගුණසේකර මහතා අපට හමු වුණා . ඔහු මේ ආකාරයට රඔුටන් වගා කරමින් විශාල වශයෙන් රඔුටන් අපනයනය කරනවා. මැලේසියාවටත් රඔුටන් යවන ඔහු විශාල වශයෙන් අපේ රටට විදේශ විනිමය ගෙන එන සාර්ථක වැවිලිකරුවෙක්.
( ඔහුගේ වගාව ගැන සියලු විස්තර පහත වීඩියෝවෙන් )