Sunday, July 25, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් රුපියල් 5කින් ගමක් වෙනස් කරයි.

රුපියල් 5කින් ගමක් වෙනස් කරයි.

රුපියල් 5කින් ගමක් වෙනස් කරයි.

උත්සාහය කැපවීම පවතින්නේ නම් ලොව ඕනෑම දෙයක් කළ හැකි බව රහසක් නොවේ. එහෙත් එම උත්සාහයත් සමඟ කැපවීම හා ඉතිරි කිරීමේ ශක්තිය අප තුළ ගොඩනගා ගන්නේ නම් ජීවිත සාර්ථක කරගත හැකි බවට හොඳම උදාහරණයක් වාරියපොල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.

වාරියපොල හල්මිල්ලෑව ගම්මානයෙ මීට වසර 27 කට පමණ පෙර කාන්තා සමිතියක් පිහිටුවා ගත්තා. ඒ ගමේ කාන්තාවන්ට ශක්තියක් වීම සඳහායි. දොළොස් දෙනෙකුගේ සහභාගිත්වයෙන් පිහිටුවා ගත් මෙම කාන්තා සමිතියෙ එක් සාමාජිකාවක් රුපියල් 5 බැගින් ඉතිරි කිරීමට පටන් ගත්තා.
ඒ අතුරින් දෙදෙනෙකුට රුපියල් 5 ක් වත් ඉතිරි කිරීමට බැරි තරමට ජීවන අරගලයක නිරතව සිටියා. ගඩොල් කර්මාන්තයේ නිරත වෙමින් අන්ත දුක්ඛිත ජීවිත ගත කළ මෙම පිරිස රුපියල් පහක් ඉතිරි කිරීම මහත් අභියෝගයක් සේ සැලකුව. එහෙත් උත්සාහය අත්හැරියේ නැහැ. සාමාජිකාවන් දසදෙනෙකු ඉතිරි කළ මුදල එනම් රුපියල් පනහක් පළමු ණය මුදල ලෙස එක් කාන්තාවකට ලබා දුන්නා. ඇගේ ජීවිතයේ ගොඩ නැගීමට පටන් ගත්තේ ඒ රුපියල් 50ක් සමඟයි.

මේ අයුරින් ආරම්භ කළ කාන්තා සමිතිය අද වන විට බැංකු ශාඛා ද සහිත ආයතනයක් බවට පත්ව තිබෙනවා. රුපියල් 5 ක් ඉතිරි කිරීමට අපහසු වූ මේ ගමේ කාන්තාවන් අද වැඩිදෙනෙකු කාන්තා සමිතිය හරහා සාර්ථක ව්‍යවසායිකාවන් බවට පත්ව තිබෙනවා. ගමේ සෑම තැනම නව නිවාස ඉදි වී තිබෙනවා. හල්මිල්ලෑව ගම්මානයේ පමණක් නොව අවට ගම්මාන වල ද දැන් මේ කාන්තා සමිතිය ව්‍යාප්තව පවතිනවා .රුපියල් 5කින් දියුණු විය හැකි මෙම මාර්ගය ඔවුන්ට කියා දී ඇත්තේ ජනරුකුල ඇප සමාගමේ සභාපති උපාලි සුමිත්‍ර මහතායි.

(රුපියල් 5කින් ගමක් උඩුයටිකුරු කළ ඒ කථාව පහත වීඩියෝවෙන් )

Most Popular

නැවේ විනාශය සැපතක් බවට හරවන සුපිරි යන්ත්‍රයක්.

නැවේ විනාශය සැපතක් බවට හරවන සුපිරි යන්ත්‍රයක්.ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් අපේ වෙරළ තීරයට විශාල විනාශයක් සිදු...

ඉදිරියේදී හිතන්නත් බැරි සංවර්ධනයක් අත්තනගල්ලේ සිදුවෙනවා… ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ගෙන් සහතිකයක්.

ඉදිරියේදී හිතන්නත් බැරි සංවර්ධනයක් අත්තනගල්ලේ සිදුවෙනවා… අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ගෙන් සහතිකයක්.පසුගිය korona සමයේදී ද...

දුප්පත් කළා ද? වුණාද ? ඉන්ද්‍රජිත් ගෙන් විශ්ලේෂණාත්මක විග්‍රහයක්

දුප්පත් කළා ද? වුණාද ? ඉන්ද්‍රජිත් ගෙන් විශ්ලේෂණාත්මක විග්‍රහයක් ……අපේ රට හා මිනිසුන් දුප්පත් වීම පිළිබඳ මේ වන...

නෞකාවලින් වනසන මුහුදත් වෙරළත් රැකගන්න උත්සාහ දරන ජිවන්ත

නෞකාවලින් වනසන මුහුදත් වෙරළත් රැකගන්න උත්සාහ දරන ජිවන්තඑක්ස්ප්‍රස් පර්ල් නෞකාව අපේ රටට කළ විනාශය සුලු පටු නොවේ…වටිනා මුහුදු...