Thursday, May 6, 2021
- Advertisement -
Home දේශීය ආසාදිත සා.පෙළ අපේක්ෂකයෝ දෙදෙනෙක් රෝහලේදීම විභාග ලියන්න යති

ආසාදිත සා.පෙළ අපේක්ෂකයෝ දෙදෙනෙක් රෝහලේදීම විභාග ලියන්න යති

කොරෝනා වයිරසය ආසාදනයවීම නිසා ප්‍රතිකාර සදහා රෝහල්ගතව සිටින දකුණු පළාතේ සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් දෙදෙනෙකුට හෙට (1) ආරම්භවන අපොස සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටිම සදහා ඔවුන් ප්‍රතිකාර ලබන රෝහල්වලම සියලු පහසුකම් සලසා ඇතැයි දකුණු පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ (සංවර්ධන) ශාන්ති සෙනෙවිරත්න මහත්මිය පැවසුවාය.

කරන්දෙනිය සහ හික්කඩුව ආරච්චිකන්ද යන රෝහලේවල ප්‍රතිකාර ලබමින් සිටින සිසුවියන් දෙදෙනෙකුට එම රෝහල් තුලදිම අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත්වීමට දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පහසුකම් සලසා ඇත. මෙහිදි එම රෝහල්වල විභාග මධ්‍යස්ථාන දෙකක් ක්‍රියාත්මකවන අතර ඒ සදහා විභාග මධ්‍යස්ථානාධිපතිවරුන් දෙදෙනෙක් ඇතුලු නිරීක්ෂණ නිලධාරින් දෙදෙනක්ද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් යොදවා ඇත.

කොරෝනා වෛරසය ආසාදනයවීම නිසා ගාල්ල නගරයේ ජනප්‍රිය බාලිකා විදුහලක සහ අහංගම ප්‍රදේශයේ මහ විදුහලක සිසුවියෝ දෙදෙනෙක් රෝහල්වල සිට මෙසේ අපොස සාමාන්‍ය පෙල විභාගයට ඉදිරිපත් වෙති.

Most Popular

ඉන්දියාවෙන් මෙරටට ඇතුළුවීම තහනම් කරයි

ඉන්දියාවෙන් මෙරටට ඇතුළුවීම තහනම් කරයිඉන්දියාවේ සිට පැමිණෙන කිසිඳු පුද්ගලයකුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම, අද (06) සිට වහාම ක්‍රියාත්මක වන...

ගත වූ 24 පැයේ තවත් කොරෝනා මරණ 25ක්

ගත වූ 24 පැයේ තවත් කොරෝනා මරණ 25ක්කොරෝනා ආසාදිත වී සිටි තවත් 25 දෙනකු‍ගේ මරණ ඊයේ (5) වාර්තා...

ෆොන්සේකා, වීරසේකර මැති ස‍බේදී ඇවිලේ

ෆොන්සේකා, වීරසේකර මැති ස‍බේදී ඇවිලේමහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් අතර ඇතිවූ...

දක්ෂිණ අධිවේගයේ මත්තල පිවිසුමත් වහයි

දක්ෂිණ අධිවේගයේ මත්තල පිවිසුමත් වහයිදක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිවිසුමේ සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු...