Sunday, June 20, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් වරද අධ්‍යාපන නිලධාරීන්ගේ- දඬුවම සේවය සැපයූ අයට

වරද අධ්‍යාපන නිලධාරීන්ගේ- දඬුවම සේවය සැපයූ අයට

වරද අධ්‍යාපන නිලධාරීන්ගේ- දඬුවම සේවය සැපයූ අයට

යහපාලන අධ්‍යාපන අමාත්‍යංශය නිලධාරින්ගේ වරදින් අසාධාරණයට ලක්වූ ව්‍යාපාරිකයා.
දඬුවම් දී ඇත්තේ ව්‍යාපාරිකයාට.
වැරදි කරන නිලධාරින් තවමත් සේවයේ.
නව රජයේ අවධානය යොමු කරන ලෙස ඔහු ඉල්ලා සිටි.

අසරණ වූ ව්‍යාපාරික ඇල්පා ට්‍රාන්ස්පෝට් ආයතනයේ හිමිකරු නිහාල් චන්ද්‍රසිරි මහතා මේ පිළිබඳව රටටම කියන්න මාධ්‍ය හමුවක් පසුගියදා වේයන්ගොඩ ප්‍රදේශයේ දී පැවැත්වූවා. මේ ඔහුගේ අදහස්

2018 වර්ෂයේ යහපාලන රජය සමයේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පුවත්පත් දැන්වීමක් දමලා තිබුණා. සැපයුම් අංශය ලියාපදිංචි කිරීමක් පිළිබඳව. ඒ අනුව මම ව්‍යාපාරික ලියාපදිංචියත් රැගෙන ගොස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි වුණා. ඊට පස්සේ සැපයුම් අංශයෙන් මට ලියුමක් එව්වා.

2018 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල සඳහා අවශ්‍ය වාහන පිළිබඳ මාව දැනුවත් කළා. ඔබගේ මිලගණන් ඉදිරිපත් කරන්න කියලා. මම ඒ අනුව මිල ගණන් ඉදිරිපත් කළා. ඊට පස්සේ ඒගොල්ලෝ මට ලිපියක් එවලා තිබුණා. ඔයාගේ මිල ගණන් අපි පිළිගත්තා. වාහන නවයක් සපයන්න කියලා. ඊට පස්සේ මම ඒ වාහන නවයම සපයලා දුන්නා. ඊට පසු මම 2018 ඔක්තෝම්බර් මාසයේ මාගේ ඉන්වොයිසිය බාර දුන්නා.

කාර්ය භාර නිලධාරී රනිල් මහත්තයාටයි බාර දුන්නේ. දැනුත් ඔහු අධ්‍යාපන අමාත්‍යංශයේ සේවයේ නියුතු වෙලා ඉන්නවා. මේ දක්වා මට කිසිදු කියවීමක් සිදු කරලා නැහැ. මට දැනගන්නට ලැබුණා ඒගොල්ලෝ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරියට කරලා නැහැ කියලා.

මම ඒ ගැන දන්නේ නැහැ. මට ලිපියක් දුන්න නිසා වාහන සපයලා දුන්නා. ‍ප්‍රසම්පාදන ක්‍රියාවලිය කළ යුත්තේ එම නිලධාරින්. එහි සියලුම නිලධාරීන් මුණගැසී සාකච්ඡා කළා. එවිට ඔවුන් ප්‍රකාශ කළා. අලුත් ප්‍රසම්පාදන කමිටුව කමිටුවක් දානවා කියලා. දාන්න ඉස්සරවෙලා මාගේ වව්චරය ගිණුම් අංශයට ඔවුන් ඉදිරිපත් කළා. එය ගෙවන්න කියලා අනුමත වුණා. නමුත් ගිණුම් අංශය යළිත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරියට කළේ නෑ කියලා ආපසු එවලා තිබුණා.

ඊට පස්සේ නැවත වරක් ප්‍රසම්පාදන කමිටුවකට දැම්මා. ඒක ඒගොල්ලන්ට අනුමත කරන්න බැහැ කියලා එවලා තිබුණා. ඊට පස්සේ මම නැවත වතාවක් ලිපි මගින් අධ්‍යාපන ලේකම්තුමා හා අධ්‍යාපන ඇමතිතුමා දැනුවත් කළා.එවකට ජනාධිපතිතුමා දැනුවත් කළා. හිටපු ජනාධිපතිතුමා පිළිතුරු එවලා තිබුණා. එවකට අධ්‍යාපන ලේකම්වරයා මට; කමිටුවක් පත් කළ බව දැනුම් දුන්නා. අධ්‍යාපන රාජ්‍ය ලේකම් ප්‍රධානත්වයෙන් ඉහළම කමිටුවක් පත්කලා. මේකේ වැඩ අරගෙන තියෙනවා. නිවැරදියි. ඒ සඳහා ගෙවීම් කළ යුතුයි කියලා එම කමිටුවෙන් තීරණය කළා. කීඩා අධ්‍යක්ෂකවරයා මට ලිපියක් මඟින් දැනුම් දුන්නා ගෙවනවා කියලා. ජනාධිපතිතුමාගේ කාර්යාලයටත් එය දැනුම් දුන්නා.

නමුත් මට මේ වන විට ගෙවිමි කරල නැහැ..යළිත් අලුත් ප්‍රසම්පාදන කමිටුවකට ඉදිරිපත් කළා. එහිදී තීරණය වූයේ ඔවුන්ට තීරණයක් දෙන්ඩ බැහැයි කියලා. ඊට පස්සේ මම නව ලේකම්වරයා මුණ ගැසීමට ගියා..මම යළිත් කීඩා අධ්‍යක්ෂකවරයා මුණගැසුණා. ඔහු ප්‍රකාශ කළේ මේක අරගෙන තියෙන්නේ ප්‍රසමිපාදන ක්‍රියාවලියකින් නිසා ඒ ගැන කණගාටු වෙනවා කියලා. අපට මුදල් ගෙවන්න තීරණය කරන්න බැහැ කියලා.

නමුත් මම වැඩ කළේ ඒගොල්ලෝ දුන්න ලිඛිත ලිපි ලේඛන වලට අනුවයි. ධාවනය කළ සියලු වාහන වලට එහි විස්තර සහිත අත්සන් ලේඛන මට දීලා තියෙනවා. ඒ සඳහා අදාල නිලධාරීන් ද අත්සන් කර තියෙනවා.. මම නව ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව සොයා බලා මා හට අදාළ මුදල ලබා දීමට කටයුතු කරන ලෙසයි. ලබා නොදීම මා හට කළ ලොකු අසාධාරණයක් මට රුපියල් 11 64 628 ක මුදලක් ලැබිය යුතුයි.

පසුගිය රජයේ නිලධාරීන් මීට සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. එම නිලධාරීන්ගේ වරදක් කියලයි මම නම් දකින්නේ. මා අලුත් රජයෙන් ඉල්ලා සිටින්නේ මෙය නිවැරදි කර මට හිමිවිය යුතු සාධාරණ රුපියල් 11 64 628 ක මුදල ලබා දෙන ලෙසයි.මේගොල්ලෝ කියන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරියට කළේ නැහැ කියලා. මට මුදල් ගෙවන්න විදිහක් නැහැ කියලා. ඒකට කණගාටු වෙනවා කියලා වැඩක් නැහැ.එය මගේ වරදක් නොවේ. මගේ සේවාව හරියට කරලා තියෙනවා.

එම නිලධාරීන් තවමත් අධ්‍යාපන අමාත්‍යංශය සේවයේ යෙදී සිටිනවා. ඒගොල්ලො නිදහසේ ඉන්නවා. අපිටයි දඬුවම් දීලා තියෙන්නේ. ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිලධාරීන්ගේ කටයුත්තක්.

ඒ ඔහුගේ අදහස්

වරද නිවැරදි කිරීම වත්මන් බලධාරීන්ගේ වගකීමක්. වත්මන් රජයේ අවධානය මේ සඳහා යොමු වනු ඇති බවටයි අපි විශ්වාස කරන්නේ.

Most Popular

මිරිගම පොහොර කඩේ රහසිගත ගබඩාව පාරිභෝගික අධිකාරිය සොයාගනී

මිරිගම කුඹල්ඔලුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන බලපත්‍ර නොමැති පොහොර ගබඩාවක් ගම්පහ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් වටලනු ලැබීය .

ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්තාවකාලිකව අත්හිටුවයි. නැවත ඉදිකිරීම් ඇරඹෙන්නේ සැලැස්ම යළි සමාලෝචනයකර තීරණයකට එළඹීමෙන් පසුවයි. අවශ්‍ය වුවහොත්...

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක් – සංචරණ සීමා තවත් දීර්ඝ කළ යුතු බවට ඉල්ලීමක්

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක් - සංචරණ සීමා තවත් දීර්ඝ කළ යුතු බවට ඉල්ලීමක්කොවිඩ් ව්‍යාප්තිය පාලනයට දැනට...

ජූනි මස දෛනික කොවිඩ් මරණ ඉහළ ට

ජූනි මස දෛනික කොවිඩ් මරණ ඉහළ ටජුනි මාසයේ ගතවූ දින 08 තුළ පමණක් කොවිඩ් මරණ 359ක් සෞඛ්‍ය සේවා...