කුරුළු උණ වෛරසයේ නව කුරුළු උණ ප්‍රභේදයක් බව පැවසෙන අතර වෛරසය පළමුවරට රුසියාවෙන් වාර්තා වී තිබෙන අතර අනතුරුව ඔවුන් එය ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) දැනුම් දී ඇත.
මින් පෙර වෛරසය හඳුනා ගෙන තිබුනත් මිනිසුන්ට ආසාදනය වූ බවට තොරතුරු ලැබී නොතිබූ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි රුසියාවේ කුකුළු කම්හලක කම්කරුවන් 7 දෙනෙකුට H5N8 වෛරසය ආසාදනය සිදුව තිබේ.
වෛරසය පාලනය කිරීම සඳහා විධිමත් පියවර ගෙන ඇති බව රුසියාව සඳහන් කරනවා. H5N8 වෛරසය එරෙහිව එන්නතක් නිපදවීම ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
මෙනිසා කුකුළු මස් ආශ්රිත නිෂ්පාදන සම්බන්ධව මේ වනවිට අනාරක්ෂිත බවක් මතුව තිබේ.