Saturday, March 6, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් ගම්පහ නගරයේ වැසූ මාර්ග සහ වෙළඳසල් හෙට විවෘත කරයි

ගම්පහ නගරයේ වැසූ මාර්ග සහ වෙළඳසල් හෙට විවෘත කරයි

කොරෝනා වයිරසය හේතුවෙන් වසා දැමූ ගම්පහ පොදු වෙළඳ පොළ ආශ්‍රිත මාර්ග සහ අවට වෙළඳසල් හෙට ( 22 ) විවෘත කිරීමට පියවර ගන්නා බව ගම්පහ පුරපති එරංග සේනානායක මහතා පැවසීය.

මේ අනුව කොවිඩ් ආසාදිතයින් නොවූ සහ කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවට හදුනා ගැනීමෙන් පසුව නිරෝධායනය අවසන් කළ වෙළඳසල් හිමියන්ට ඔවුන්ගේ වෙළඳසල් හෙට විවෘත කිරීමට අවස්ථාව සැලසෙන බවත් ආසාදිතයින් බවට හදුනාගැනීමෙන් පසුව ප්‍රතිකාර ලබන්නන්ගේ වෙළඳසල් , ඔවුන්ගේ නිරෝධායන කාලයෙන් පසුව විවෘත කිරීමට අවස්ථාව ලබා දෙන බවත් ගම්පහ මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරගේ මහතා කීය.

ගම්පහ පොදු වෙළඳ පොල ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් 75 දෙනෙකු හමුවීම සැළකිල්ලට ගනිමින් පසුගිය 8 සහ 9 දින පොදු වෙළඳපොළ වසා දමමින් නගරයේ මාර්ග කිහිපයක් වසා දැමීමට මහ නගර සභාව සහ ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පියවර ගනු ලැබීය.

Most Popular

හිටපු ඇමැති පාඨලීට අධිචෝදනා

තමා පැදවූ  මොටර් රථයෙහි යතුරු පැදියක් ගැටීමෙන් පසු පලායාම සම්බන්ධව චෝදනා එල්ලවී ඇති හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ...

ඝාතනය කළ තරුණියගේ හිස සොයා කැලණි ගඟේ මෙහෙයුමක්

බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු විසින් ඝාතනය කළ තරුණියගේ හිස සොයා හංවැල්ල සිට මෝදර මෝයකට දක්වා  කැලණි ගඟේ ඉවුරු ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක්...

ගා‍ල්ලරූමස්වල අභය භූමිය අනතුරේ අනතුරුරේ පෙත්සම අත්සන් කරති

ගා‍ල්ල රූමස්වල අභය භූමිය අනතුරේ  අනතුරුරේ පෙත්සම අත්සන් කරති.සටහන ඡායාරූප වීඩියෝ දර්ශන හබරාදුව නිමල් අල්ගෙවත්ත 2021.03.02

දේශපාලඥයන් සේවය කළ යුත්තේ ඡන්ද බලාගෙන නොව රටේ අභිවෘද්ධිය ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් – මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර

පසුගිය මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට මට ආරාධනාවක් ලැබුණා. සුපුරුදු අපේක්ෂකයෙකු ලෙස මීතොටමුල්ල ප්‍රදේශයේ රැස්වීමකට සහභාගී වුණා.  බොහෝ අයගේ මුහුණු...