Sunday, June 20, 2021
- Advertisement -
Home විදේශීය රජිව් ගැන හදවත පැලෙන කතාවක් රාහුල් ගෙන්.

රජිව් ගැන හදවත පැලෙන කතාවක් රාහුල් ගෙන්.

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා එල්ටීටීඊ මරාගෙන මැරෙන කාන්තාවක් විසින් ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ රජිව් ගාන්ධි මහතාගේ පුත් රාහුල් ගාන්ධි මහතා ඉතා සංවේදී ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඔහු මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ පාසලක පැවති උත්සවයකදී. එම විද්‍යාලයේ ශිෂ්‍යාවන් ඇමතූ රාහුල් ගාන්ධි මහතා කියා සිටියේ තමන්ගේ පියා ඝාතනය වූ අවස්ථාවේදී තමන්ට දැනුනේ තම හදවත ගලවා ඉවත් කළ ආකාරයේ වේදනාවක් බවයි. එම අවස්ථාවේදී තමන් ඇතුලු පවුලේ සැම මහත් අපහසුතාවන්ට පත් වූ බවද ඔහු සිහිපත් කළා. කෙසේ වුවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් කිසිවෙකුත් සමග වෛර කරන්නේ නැති බවත් වැරදි කළ අයට සමාව දුන් බවද රාහුල් ගාන්ධි මහතා කියා සිටියා. ඔහුගේ අදහස් දැක්වීමට එක් වූ පිරිස හඬා වැටුණු බවද වාර්තා වනවා.

Most Popular

මිරිගම පොහොර කඩේ රහසිගත ගබඩාව පාරිභෝගික අධිකාරිය සොයාගනී

මිරිගම කුඹල්ඔලුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන බලපත්‍ර නොමැති පොහොර ගබඩාවක් ගම්පහ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් වටලනු ලැබීය .

ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්තාවකාලිකව අත්හිටුවයි. නැවත ඉදිකිරීම් ඇරඹෙන්නේ සැලැස්ම යළි සමාලෝචනයකර තීරණයකට එළඹීමෙන් පසුවයි. අවශ්‍ය වුවහොත්...

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක් – සංචරණ සීමා තවත් දීර්ඝ කළ යුතු බවට ඉල්ලීමක්

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක් - සංචරණ සීමා තවත් දීර්ඝ කළ යුතු බවට ඉල්ලීමක්කොවිඩ් ව්‍යාප්තිය පාලනයට දැනට...

ජූනි මස දෛනික කොවිඩ් මරණ ඉහළ ට

ජූනි මස දෛනික කොවිඩ් මරණ ඉහළ ටජුනි මාසයේ ගතවූ දින 08 තුළ පමණක් කොවිඩ් මරණ 359ක් සෞඛ්‍ය සේවා...