ලෝකයටම එකයි-ලොව ප්‍රථම පොල් ලෙලි ඉවත් කිරීමේ යන්ත්‍රය අපේ රටෙන්
පැයකට පොල්ගෙඩි හයසීයක් ලෙලි ගහන මැෂිමක් ලංකාවෙන්. ගොවිතැනින් මෙන්ම පොල් කර්මාන්තයෙන් ද බොහෝ තරුණ පිරිස් මේවනවිට ඈත් වෙමින් පවතිනවා. කර්මාන්තය සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර නොමැතිකම ඊට ප්‍රධාන හේතුවයි. පැරණි ක්‍රමයට පොල්ගස් නැග පොල් කඩා ඒවා උලකින් ලෙලි ගැසීමේ ක්‍රමය වර්තමානයට වලංගු වන්නේ නැහැ. සාම්ප්‍රදායික ක්‍රමයට පොල් ලෙලි ගැසීමේ දී විශාල කාලයක් හා ශ්‍රමයක් වැය කිරීමට සිදුව තිබෙනවා. ඒ නිසාම පොල් කර්මාන්තයේ නිරතව සිටින ව්‍යාපාරිකයන් එම කර්මාන්තයෙන් ඉවත්වෙමින් පවතිනවා.
පොල් මිල ඉහළ යාමටද මෙය ප්‍රබල හේතුවක්. මෙම තත්වය වඩා හොඳින් තේරුම්ගත් අපේ රටේ තරුණයකු වන ජිනේන්ද්‍ර සුභසිංහ මහතා පොල් ලෙලි ඉවත් කිරීම සඳහා සාර්ථක යන්ත්‍රයක් නිෂ්පාදනය කර තිබෙනවා. කජු කපන යන්ත්‍රය ලොවට හඳුන්වාදුන් buddhi industries යන ආයතනයේ කළමනාකරුවකු වන ඒ මහතා කජු, රටකජු, කුරුඳු ආදී කර්මාන්ත රැසකටම අවශ්‍ය කෙරෙන යන්ත්‍ර සූත්‍ර රැසක් නිෂ්පාදනය කර තිබෙනවා.
ගම්පහ, මිනුවන්ගොඩ, දෙවොලපොළ ප්‍රදේශයේ පදිංචි ඒ මහතා නිෂ්පාදනය කර ඇති මෙම පොල් ලෙලි ඉවත් කිරීමේ යන්ත්‍රය තුලින් පැයකට පොල්ගෙඩි 600ක ලෙලි ඉවත් කිරීමේ හැකියාව පවතිනවා. මෙම යන්ත්‍රයෙන් පොල් ලෙලි ඉවත් කිරීම සඳහා විශේෂ පුහුණුවක් අවශ්‍ය කෙරෙන්නේ නැහැ. ඉතා අඩු විදුලියක් මේ සඳහා වැය වෙනවා. මුඩ්ඩ සහිතව හෝ රහිතව මේ තුළින් පොල් ලෙලි ගැසීම සිදු කළ හැකියි. තවත් පහසුකම් රැසක් මෙම යන්ත්‍රය තුලින් සලසා තිබෙනවා.
(වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන් )