Tuesday, March 2, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් අටුලුගම දී සෞඛ්‍ය නිලධාරීන්ට කෙළ ගැසූ පුද්ගලයාට අධිකරණයෙන් වසර 6ක බරපතළ වැඩසහිත...

අටුලුගම දී සෞඛ්‍ය නිලධාරීන්ට කෙළ ගැසූ පුද්ගලයාට අධිකරණයෙන් වසර 6ක බරපතළ වැඩසහිත සිරදඬුවම්

අටුලුගම දී සෞඛ්‍ය නිලධාරීන්ට කෙළ ගැසූ පුද්ගලයාට අධිකරණයෙන් වසර 6ක බරපතළ වැඩසහිත සිරදඬුවම්

2020 දෙසැම්බර් 02 වැනිදා අටුලුගම දී සෞඛ්‍ය නිලධාරීන්ට කෙළ ගැසූ පුද්ගලයාට අධිකරණයෙන් දඬුවම් දී තිබේ.

ඒ අනුව එම පුද්ගලයාට චෝදනා තුනක් යටතේ වසර 6ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

කොවිඩ් -19 ආසාදිතයෙක් ලෙස එම පුද්ගලයාව හඳුනාගැනීමෙන් අනතුරුව ඔහුව ප්‍රතිකාර මධ්‍යස්‌ථානයකට රැගෙන යෑමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දෙදෙනෙක් හා තවත් සෞඛ්‍ය නිලධාරීන් දෙදෙනෙකුගේ ගොස් තිබේ.

එහිදී එම පුද්ගලයා ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් කෙළ ගසා තිබේ.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා,

“මේ සම්බන්ධව අදාළ පුද්ගලයා ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව නඩු පැවරීම සිදුකළා පානදුර අධිකරණයේ දී ඒ අනුව ඔහුට විරුද්ධව චෝදනා 8ක් යටතේ බණ්ඩාරගම පොලීසිය විසින් නඩු පවරා තිබෙනවා. රජයේ නිලධාරියෙකුගේ රාජකාරියෙකුට බාධා කිරීම, සාපරාධී බලහත්කාරය පෑම, නිරෝධායන නියෝගයකට අවනත නොවීම, රජයේ නිලධාරියෙකුගේ නියෝගයකට අවනත නොවීම ආදි චෝදනා යටතේ මොහුට විරුද්ධව නඩු පවරනු ලැබුවා. අද දිනයේ දී අධිකරණය විසින් ඔහුගේ වරද පිළිගැනීම මත අදාළ පුද්ගලයා වරදකරු බවට පත්කර තිබෙනවා. මේ සියලු කරුණු සලකා බලා චෝදනා තුනකට වසර 2 බැගින් වු සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ වගේම මීට රුපයල් 10,000 දඩයක් ද නියම කර තිබෙනවා. ඒ අනුව එම පුද්ගලයා බන්ධනාගාරය විසින් රැගෙන ගොස් තිබෙනවා. “

Most Popular

ජනාධිපතිගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ශ්‍රී ලංකාවේ පළමු දේශිය වෛද්‍ය විශ්ව විද්‍යාලය ඇරඹේ.

ජනාධිපතිගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ශ්‍රී ලංකාවේ පළමු දේශිය වෛද්‍ය විශ්ව විද්‍යාලය ඇරඹේ.විශ්ව විද්‍යාල  පද්ධතිය පුළුල් කිරීමට හා විශ්ව විද්‍යාලයට...

පාස්කු කොමිසමේ වාර්තාව ගැන සෑහිමකට පත් වෙන්න බෑ. ප්‍රහාරයේ මහා මොළකරුවන් සගවලාදැයි සැකයි. ඇමති ප්‍රසන්න

පාස්කු කොමිසමේ වාර්තාව පිළිබද ව සෑහිමකට පත් වීය නොහැකි බවත් පසුගිය යහපාලන රජය විසින් පත් කළ මෙම කොමිසමේ වාර්තාවෙන් ප්‍රහාරයේ මහා මොළකරුවන්...

පළාත් සභා මැතිවරණය ජූනි මාසයේ.

වසර කිහිපයක් තිස්සේ කල් යමින් පවතින පළාත් සභා මැතිවරණය එළඹෙන ජූනි මාසයේ දී පැවැත්වෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

සියලු කාර්මාන්තශාලා සේවක සේවීකාවන්ට කොරෝනා එන්නත් ප්‍රමුඛතාව ඉල්ලයි

සියලු කාර්මාන්තශාලා සේවක සේවීකාවන්ට කොරෝනා එන්නත් ප්‍රමුඛතාව ඉල්ලයි..කොවිඩ් එන්නත ලබා දීමේ දී දිවයිනේ සියලු කාර්මාන්තශාලා සේවක සේවීකාවන්ට ද ප්‍රමුඛතාව ලබා දෙන්න යැයි...