Sunday, July 25, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් දේශීය කර්මාන්ත අඩපණ කරන තවත් තුච්ච වැඩක්.

දේශීය කර්මාන්ත අඩපණ කරන තවත් තුච්ච වැඩක්.

දේශීය කර්මාන්ත අඩපණ කරන තවත් තුච්ච වැඩක්.

මෙරට කර්මාන්තකරුවන් හා නිෂ්පාදන අඩාල කරමින් විදේශයන් හි නිෂ්පාදන රට තුළ ප්‍රචලිත කිරීමේ පහත් පෙළේ වැඩපිළිවෙළක් පිළිබඳ හෙළිදරව් වෙමින් පවතිනවා. ඉදිකට්ටත් විදේශයන්ගෙන් ගෙන්වන රටක වාෂ්ප බොයිලේරු හෙවත් වාෂ්ප ජනක යන්ත්‍ර නිෂ්පාදනය කරන මෙරට නිෂ්පාදකයන් දුර්වල කිරීම සඳහා සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වනවා.

ඒ සඳහා නිලධාරීන් පිරිසක් මෙන්ම විදෙස් සමාගම්වල නියෝජිතයින් පිරිසක් ද පෙළගැසී සිටින බවයි අප කළ විමසීමකදී හෙළි වුණේ. මේ අතර ශ්‍රී ලංකා වාෂ්ප ජනක යන්ත්‍ර නිෂ්පාදකයන්ගේ සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ මෙරට වාෂ්ප ජනක යන්ත්‍ර නිෂ්පාදනය පහත හෙළීම සඳහා මෙරට නිෂ්පාදන ප්‍රමිතියෙන් තොර බවට පිරිසක් මතයක් ප්‍රචාරය කරමින් සිටින බවයි.

බොයිලේරු නිෂ්පාදනය අපේ රටේ ශිල්පීන්ට කළ නොහැකි බවට ඇතැමුන් ප්‍රචාර ගෙන යනවා. එමෙන්ම රජය හා මැති ඇමතිවරුන් නොමඟ යවමින් ඔවුන් මෙසේ ප්‍රචාර ගෙනයන්නේ දේශීය කර්මාන්තකරුවා පහත හෙළීම සඳහායි. විදේශයන්හි නිෂ්පාදිත බොයිලේරු මෙරට අලෙවි කරමින් රටට කුමක් වුවද තමන්ගේ අතමිට සරු කර ගැනීම මෙම පිරිසගේ බලාපොරොත්තුවයි.

ඔවුන්ගේ එම ක්‍රියා කලාපය හේතුවෙන් මෙරට බොයිලේරු නිෂ්පාදකයන් අඩපණ කිරීම මෙම ව්‍යාපෘතියේ සැඟවුණු අරමුණයි. එහෙත් ශ්‍රී ලංකා වාස්ප ජනක යන්ත්‍ර නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරන්නේ මෙරට නිෂ්පාදනය කරන බොයිලේරු සඳහා ප්‍රමිතියක් ඇති කර ඒ සඳහා ඉහළ පිළිගැනීමක් ලබා දෙන ලෙසයි.

නම්දැරූ මෙරට නිෂ්පාදනය කරන බොයිලේරු වල ප්‍රමිතිය ඉතා ඉහළ මට්ටමක පවතිනවා. එමෙන්ම අඩු මිල ගණන් යටතේ මිලදී ගත හැකියි. ඔවුන්ගේ නිෂ්පාදන වල තවත් වාසියක් වන්නේ අලෙවියෙන් පසු සේවාවන් සැපයීමයි. මේ කිසිවක් ආනයනය කරන බොයිලේරු වලට අදාළ වන්නේ නැහැ.

ඒ නිසාම එම නිෂ්පාදන වගකීම් විරහිතයි.දේශීය නිෂ්පාදකයන් දිරිගැන්වීම රජයේ හා වගකිවයුතු අංශවල අරමුණ වී ඇත්නම් කළ යුතු වන්නේ ආනයනික වාෂ්ප බොයිලේරු සඳහා බදු සහන ලබා දීම නොව වැඩිපුර බදු අය කරමින් දේශීය නිෂ්පාදකයන් දිරිගැන්වීම බවයි මෙම සංගමයේ සභාපති නිහාල් සුබසේන මහතා මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ. දේශීය බොයිලේරු අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට මෙරට බොයිලේරු නිෂ්පාදකයන්ට හැකියාව පවතින බවද ඔහු ප්‍රකාශ කළා. දැන් කළ යුතුව ඇත්තේ නිසි ප්‍රමිතියක් ඇති කර එමෙන්ම මේවා නියාමනය කරමින් නිවැරදි ක්‍රමවේදයක් සැකසීම බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. එසේ නොකර දේශීය නිෂ්පාදකයන් අධෛර්යමත් කරන තීන්දු තීරණ ගැනීමෙන්, බොයිලේරු ආනයනය හේතුවෙන් විශාල වශයෙන් රටේ මුදල් විදේශයන්ට ඇදී යාම නැවැත්විය නොහැකි බවයි ඔහු සඳහන් කළේ.

මෙම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා වාෂ්ප ජනක යන්ත්‍ර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් ලලිත් පෙරේරා මහතා පැවසුවේ නිසි ප්‍රමිතියට නිෂ්පාදනය කිරීමෙන් බොයිලේරු වලින් සිදුවන අනතුරු ඉතා අවම බවයි. එමෙන්ම නිසි නඩත්තුව ද මෙහිදී අත්‍යවශ්‍ය වනවා. ආනයනය කරන බොයිලේරු පිළිබඳ නිවැරදි තක්සේරුවක් ලබාදීමට හැකි වන්නේ නැහැ. එමෙන්ම ඒවා අලෙවි කිරීමෙන් පසු සේවා සැපයීමක් හෝ නඩත්තු කිරීම පිළිබඳ සොයා බැලීමක් සිදු වන්නේ නැහැ. මේ හේතුවෙන් අනතුරු බහුලව සිදු වීමේ තත්ත්වයක් මතුව ඇති බවයි ලලිත් පෙරේරා මහතා ප්‍රකාශ කළේ. විදේශයන්හි නිෂ්පාදිත බොයිලේරු ආනයනය නතර කර ඒ වෙනුවට දේශීය නිශ්පාදකයා දිරි ගන්වන්නේ නම් මෙරට පමණක් නොව විදේශයන්හි බොයිලේරු අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට ද ශ්‍රී ලංකාවේ නිෂ්පාදකයන්ට හැකියාව පවතින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

තීන්දු තීරණ ගන්නා තැන්වල සිටින ඇතැම් නිලධාරීනට මෙම යන්ත්‍ර පිළිබඳ කිසිදු අවබෝධයක් නැහැ.එමෙන්ම දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ට කිසිදු හැඟීමක් ද නැහැ. විශේෂයෙන් ප්‍රමිතියකින් යුතුව මෙරට වාෂ්ප බොයිලේරු නිෂ්පාදනය කරන නිෂ්පාදකයන් වසර 20 ක පමණ කාලයක සිට එම බොයිලේරු නිෂ්පාදනය කරනවා. එහෙත් මෙතෙක් එම බොයිලේරු වලින් කිසිදු අනතුරක් සිදුවී නැහැ. මෙරට බොහෝ බොයිලේරු අනතුරු සිදුව ඇත්තේ විදේශයන්ගෙන් ආනයනය කරන ඒවා තුළිනි.

මෙරට නිෂ්පාදන පහත් කොට සලකන මානසිකත්වයෙන් මිදෙන තෙක් ජාතියක් ලෙස අපට මෙම කර්මාන්තය නගා සිටුවීම ද අපහසු බවයි පෙනී යන්නේ. එය ජාතියක් ලෙස අප කණගාටු විය යුතු කරුණක්. කොරෝනා ව්‍යසනයේ දී අපේ රටේ පාසැල් දරුවන් පවා විවිධ නිෂ්පාදන සිදු කළා. එහෙත් ඒ කිසිවකට නිසි සැලකිල්ල ලැබුණේ නැහැ. ඒ අයුරින්ම මෙම ක්ෂේත්‍රයට ද නිසි සැලකිල්ල නොමැති බැවින් රටේ මුදල් විදේශයන්ට තවදුරටත් ඇදීගොස් රට දුප්පත් වීම වැළැක්විය නොහැකියි.

එවැනි දිනක් උදා වූ විට අද තීන්දු තීරණ ගන්නා අයත් මෙම යන්ත්‍ර ආනයනයෙන් මුදල් ගසා කන ඇතැම් නිලධාරිනුත් මේ රට හැර යන බව නිසැකයි.

(ජාතියට වින කරන මේ සතුරු බලවේග පිළිබඳ හෙලිදරව්ව පහත වීඩියෝවෙන්)

Most Popular

නැවේ විනාශය සැපතක් බවට හරවන සුපිරි යන්ත්‍රයක්.

නැවේ විනාශය සැපතක් බවට හරවන සුපිරි යන්ත්‍රයක්.ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් අපේ වෙරළ තීරයට විශාල විනාශයක් සිදු...

ඉදිරියේදී හිතන්නත් බැරි සංවර්ධනයක් අත්තනගල්ලේ සිදුවෙනවා… ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ගෙන් සහතිකයක්.

ඉදිරියේදී හිතන්නත් බැරි සංවර්ධනයක් අත්තනගල්ලේ සිදුවෙනවා… අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ගෙන් සහතිකයක්.පසුගිය korona සමයේදී ද...

දුප්පත් කළා ද? වුණාද ? ඉන්ද්‍රජිත් ගෙන් විශ්ලේෂණාත්මක විග්‍රහයක්

දුප්පත් කළා ද? වුණාද ? ඉන්ද්‍රජිත් ගෙන් විශ්ලේෂණාත්මක විග්‍රහයක් ……අපේ රට හා මිනිසුන් දුප්පත් වීම පිළිබඳ මේ වන...

නෞකාවලින් වනසන මුහුදත් වෙරළත් රැකගන්න උත්සාහ දරන ජිවන්ත

නෞකාවලින් වනසන මුහුදත් වෙරළත් රැකගන්න උත්සාහ දරන ජිවන්තඑක්ස්ප්‍රස් පර්ල් නෞකාව අපේ රටට කළ විනාශය සුලු පටු නොවේ…වටිනා මුහුදු...