Saturday, March 6, 2021
- Advertisement -
Home උණුසුම් පුව​ත් කජු කපන යන්ත්‍රය ලෝකයට හඳුන්වා දුන් බුද්ධි

කජු කපන යන්ත්‍රය ලෝකයට හඳුන්වා දුන් බුද්ධි

කජු කපන යන්ත්‍රය ලෝකයට හඳුන්වා දුන් බුද්ධි

කජු කපන යන්ත්‍රය ලෝකයට හඳුන්වා දුන් අපේ බුද්ධි. ලෝකයට අපූරු නිර්මාණ කළ බොහෝ දෙනා මුලින්ම හිතුවේ ඉතාම සරලව. එහෙම හිතලා අඛණ්ඩ උත්සාහයෙන් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසට කව්රුත් නොහිතන යාන වාහන,යන්ත්‍ර සූත්‍ර ආදී මෙකී නොකී නිර්මාණ බිහිකර තිබෙනවා.

ගම්පහ මිනුවන්ගොඩ බුද්ධි ආයතනයේ නිර්මාතෘ b.k. මහීපාල මහතා එවැනි ලෝකය ජයගත් අපේ රටේ විශිෂ්ට නිර්මාණකරුවෙක්. ඔහුගේ අතීතයත් අමුතුම ආකාරයෙන් ගත වී තිබෙනවා.මහීපාල රැකියා ජීවිතය ආරම්භ කරන්නේ ඔරලෝසු හා රේඩියෝ අලුත්වැඩියා කරන්නෙකු ලෙසටයි.කාලයක් මේ රැකියාව කරන ඔහුට කල්පනා උනේ අනුන් හදපු දෙයක් අලුත්වැඩියා කර කර ඉන්න එකේ තේරුම මොකක්ද? කියලයි.ඔහු ගෙදර ඉස්සරහ බෝඩ් එකක් දානවා. ඒකෙ ලියලා තියෙන්නෙ “ඔබේ ස්වයං රැකියාවට අවශ්‍ය යන්ත්‍ර නිෂ්පාදනය කර දෙනු ලැබේ” යනුවෙනුයි. පොඩි පොඩි ඇණවුම් ලැබුණා.ඔහු ඒ ඇණවුම් භාර ගෙන සැපයුම් සිදු කළා.

එතැනින් අඩියක් ඉස්සරහට තියන්න ඕනෙ කියලා හිතපු මහීපාල කර්මාන්ත ක්ෂේත්‍රයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මොනවද කියලා හොයලා බැලුවා. මහීපාලගේ විමර්ශනයට අනුව කජු කර්මාන්තයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර නොමැති බව තහවුරු වුණා. පොල්ලකින් ගහලා කජු තලා පිහියකින් කුරුට්ට අයින් කරලා රසට කන්න කජු හදන්න ඒ කර්මාන්තකරුවන් ගන්නා වෙහෙස ඔහු දුටුවා. ඒ ගැන පරික්ෂා කරලා කරලා ඔහු සාර්ථකව කජු කපන්න පුළුවන් යන්ත්‍රයක් නිෂ්පාදනය කළා.

මේකට පේටන් බලපත්‍රයක් ගත්තා. ඒ අනුව කජු කපන යන්ත්‍රය ලෝකයට හඳුන්වා දුන්නේ මේ පුංචි රටේ, ඔරලෝසු අලුත්වැඩියා කළ බී. කේ.මහිපාල කියලා ඉතිහාසයට එක් වුණා. මේ පුංචි මිනිසා අද අපේ රටට රුපියල් කෝටි ගණනක විදේශ විනිමයක් ගෙනත් තියෙනවා. ඒ මේ යන්ත්‍රය ලෝකය පුරා අලෙවි කිරීමෙන්. ඒ විතරක් නෙමෙයි සේවකයන් පනස් දෙනෙක් විතර අද ඔහු යටතේ සේවය කරනවා.

(මේ අපූරු මිනිසාගේ අපූරු නිර්මාණය ගැන විස්තර පහත වීඩියෝවෙන්)

Most Popular

හිටපු ඇමැති පාඨලීට අධිචෝදනා

තමා පැදවූ  මොටර් රථයෙහි යතුරු පැදියක් ගැටීමෙන් පසු පලායාම සම්බන්ධව චෝදනා එල්ලවී ඇති හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ...

ඝාතනය කළ තරුණියගේ හිස සොයා කැලණි ගඟේ මෙහෙයුමක්

බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු විසින් ඝාතනය කළ තරුණියගේ හිස සොයා හංවැල්ල සිට මෝදර මෝයකට දක්වා  කැලණි ගඟේ ඉවුරු ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක්...

ගා‍ල්ලරූමස්වල අභය භූමිය අනතුරේ අනතුරුරේ පෙත්සම අත්සන් කරති

ගා‍ල්ල රූමස්වල අභය භූමිය අනතුරේ  අනතුරුරේ පෙත්සම අත්සන් කරති.සටහන ඡායාරූප වීඩියෝ දර්ශන හබරාදුව නිමල් අල්ගෙවත්ත 2021.03.02

දේශපාලඥයන් සේවය කළ යුත්තේ ඡන්ද බලාගෙන නොව රටේ අභිවෘද්ධිය ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් – මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර

පසුගිය මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට මට ආරාධනාවක් ලැබුණා. සුපුරුදු අපේක්ෂකයෙකු ලෙස මීතොටමුල්ල ප්‍රදේශයේ රැස්වීමකට සහභාගී වුණා.  බොහෝ අයගේ මුහුණු...