දිවුලපිටිය දියගම්පල ගම විනාශයි–ජනපතිතුමනි මැදිහත් වන්න
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දියගම්පල ගම්මානය මීට දශක ගණනාවකට පෙර ඉතා රමණීය ප්‍රදේශයක්. නමුත් දැන් දශක දෙකක පමණ සිට මෙම ප්‍රදේශයට කණ කොකා හඬමින් පවතිනවා. හේතුව මහා පරිමාණයේ සිදුවෙන කළුගල් කැඩීමයි. ප්‍රදේශයේ දක්නට ලැබෙන ඉතා සුන්දර වන රක්ෂිතය මේ වන විටත් විනාශ වෙමිනුයි පවතින්නේ. අද මෙහි ගම්වාසීන්ට දැඩි සෞඛ්‍ය හා පාරිසරික වලට මුහුණපෑමට සිදුවී තිබෙනවා.
සුන්දර ගම්මානයට අද වෙලා තියෙන්නේ කුමක්ද? බලමු අපි මෙම වීඩියෝ වැඩසටහන. මේ විනාසයට ගම්වාසීන්ද වගකිව යුතුය. අදත් එකමුතුව කටයුතු කල අවසථාවක බෙදීමක් ඇති වී තිබෙනවා. නමුත් ඔවුන් එකාවන්ව මේ ගම්මානය රැකගැනීමට පෙළගැසිය යුතුයි.
එසේ නොමැතිනම් බස්නාහිර පළාතේ ඉතා සුන්දර ගම්මානයක් අපට අහිමි වෙනවා.එසේම අනිකුත් ප්‍රදේශවලට ද බලපාන්නේ උග්‍ර ජල හිගයක් දැනටමත් ඇති වෙමින් පැවතීම නිසයි.
අද වන විට මෙහි පිහිටුවා තිබෙන සොබා පරිසර සංවිධානය දැනුවත් වීම මත සිංහලයේ අපි ජාතික සංවිඩානයේ ජබුරේවල චන්දරතන හිමි එම ගමිමානයට පැමිණියා. එහි පවතින මහා පරිමාණ ගල්වලවල් ගණනාවක්ම උන්වහන්සේ නිරීක්ෂණය කළා. උන්වහන්සේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව යම්කිසි කාලසීමාවක් තුළ මෙම කළු ගල් කර්මාන්තය මෙම ස්ථානයෙන් ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරගත යුතු බවයි පෙන්වා දුන්නේ. ඒ සඳහා මැදිහත්ව කටයුතු කිරීමට උන්වහන්සේ පොරොන්දු වුණා.
අවසාන වශයෙන් කිව යුත්තේ ප්‍රදේශීය දේශපාලන නායකයින් මේ සඳහා විසඳුමක් ලබාදිමට මැදිහත් විමක් දක්නට නොලැබෙන නිසා ජනාධිපති හෝ අගමැතිතුමාගේ අවධානය මේ සඳහා යොමුකර මෙම සුන්දර ගම්මානය සුරක්ෂිත කිරීමට
කටයුතු කරන ලෙස ජනතාව ඉල්ලා සිටිනවා.
සුන්දර ගම්මානයට අද වෙලා තියෙන්නේ කුමක්ද? බලමු අපි මෙම වීඩියෝ වැඩසටහන.