“මීට පෙර වසර 15 ක් පාර්ලිමේන්තුව නියෝජනය කර රටට කිසිඳු මෙහෙවරක් නොකලත් අපේ ජනබල පක්ෂය නැවත වරක් රතන හිමියන්ට
පාර්ලිමේන්තුවට යන්න අවස්තාව දෙනවා . නමුත් උන්වහන්සේ ස්වල්ප කාලයක් පාර්ලිමේන්තුවේ සිට මන්ත්‍රී ධූරය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර
හිමියන්ට ලබා දිය යුතුමයි”
.
අපේ ජනබල පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක ඩෑන් ප්‍රියසාද් මහතා පවසයි . ගම්පහදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මේ බව කියා සිටියා . එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ , රතන හිමියන් වාඩිවන්නේ ආණ්ඩු පක්ෂයේද , විපක්ෂයේද යන්න උන්වහන්සේට තනිවම තීරණය කල නොහැකි බවත් , එය පක්ෂයේ දිස්ත්‍රික් නායකවරුන්ගේ ද එකඟතාවය මත සිදු විය යුතු බවත්ය . තවද මේ වන විට රටට පැහැදිලි නායකත්වයක් නොමැති බව කියා සිටි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ රට දිනෙන් දින අගාධයකට යන බවක් පෙනෙන්නට ඇති බවත් , කව්රුන් හෝ රටට අයිති සම්පත් හා උරුමයන් විනාශ කරන්නේ නම් අපේ ජනබල පක්ෂය පාරට බැස ඒ වෙනුවෙන් සටන් වදින බවත්ය .
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අපේ ජනබල පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක සහ සම මාධ්‍ය ප්‍රකාශක ජීවන් චතුරංග ශ්‍රීමාල් මහතා කියා සිටියේ , රතන හිමියන් අන් අයට උපදෙස් දීමට පෙර තමන් වහන්සේ ඒවා පිළිපැදිය යුතු බවයි.