Monday, November 29, 2021
- Advertisement -
Home දේශීය පහුගිය යහපාලන රජය අතහැර දැමූ මිනුවන්ගොඩ පිහිනුම් ක්‍රිඩා සංකීර්ණයේ ඉදිකිරීම් ඇරඹේ.

පහුගිය යහපාලන රජය අතහැර දැමූ මිනුවන්ගොඩ පිහිනුම් ක්‍රිඩා සංකීර්ණයේ ඉදිකිරීම් ඇරඹේ.

පහුගිය යහපාලන රජය විසින් ඉදි කිරීම් නතර කර තිබූ මිනුවන්ගොඩ පිහිනුම් ක්‍රිඩා සංකීර්ණයේ ඉදිකිරීම් යලි ඇරඹේ. ඒ සඳහා රුපියල් මිලියන 50ක මුදලක් ක්‍රීඩා අමාත්‍යංශය මඟින් ලබාදීමට ඇමති නාමල් රාජපක්ෂ මහතා පහුගියදා (17) එකඟතාවය පල කලේය.

මිනුවන්ගොඩ පිහිනුම් ක්‍රිඩා‍ සංකීර්ණය ඉදිකිරීම් ආරම්භ කෙරුණේ 2012 වසරේදීයි. එවකට බස්නාහිර මහ ඇමතිවරයා වූ වත්මන් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් මේ සඳහා රුපියල් මිලියන 95ක මුදලක් පලමු අදියර යටතේ ඒ සඳහා වෙන් කරනු ලැබ තිබිණි. ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු පාසල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට භාවිතා කිරීම සඳහා මෙම පිහිනුම් ක්‍රිඩා සංකීර්ණය ජාත්‍යන්තර මට්ටමෙන් ඉදිකිරීමට සැලසුම් කෙරිණ. එහෙත් යහපාලන රජය බලයට පත් වූ වහාම මෙහි ඉදිකිරීම් නතර වූ අතර මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් නොකලේය. එවකට විපක්ෂ මන්ත්‍රීවරයෙකු වූ ප්‍රසන්න රණතුංග මහතා මේ පිළිබඳව විවිධ පාර්ශව දැනුවත් කලද ඊට කිසිඳු ප්‍රතිචාරයක් නොලැබිණි.

නව රජය බලයට පත්විමෙන් පසුව රණතුංග මහතා ක්‍රිඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ අවධානය මේ සඳහා යොමු කලේය. ඒ අනුව පහුගිය බ්‍රහස්පතින්දා එම පිහිනුම් ක්‍රිඩා සංකීර්ණය නිරීක්ෂණය සඳහා පැමිණි ක්‍රියා ඇමතිවරයා මෙම පිහිනුම් ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරීම් නැවත ආරම්භ කරන ලෙස උපදෙස් දුන්නේය. මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට තවත් රුපියල් මිලියන 90ක් අවශ්‍යව තිබේ. එහි කටයුතු ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 50ක් ලබාදීමට ද ඇමතිවරයා මෙහිදී එකඟතාවය පල කලේය. ලබන වසර තුල මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂිතයි.

වසර ගණනාවක් ඉදිකිරීම් අතහැර දැමීම නිසා මෙම පිහිනුම් තටාංගනයේ සවිකර ඇති ඇතැම් උපකරණ දිරාපත්ව ඇති අයුරු ද ඇමතිවරයා මෙහිදී නිරීක්ෂණය කලේය.

නිරීක්ෂණයෙන් අනතුරුව ඇමති ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය අමතමින් කිවේ පහුගිය යහපාලන රජය මෙරට සංවර්ධනය අතහැර තමන් සංවර්ධනය වීමේ ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කල බවයි.මුඩුබිමක්ව පැවති රට දැන් නැවත වැඩ බිමක් බවට පත්වෙමින් තිබෙන බව පෙන්වා දුන් ඇමතිවරයා පහුගිය රජය අතහැර දමා තිබූ පෙර පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ආරම්භ කල සංවර්ධන ව්‍යාපෘති යලි ඇරඹීමට රජය තීරණය කර ඇතැයි ද කීවේය.

default

Most Popular

මෛත්‍රීට එරෙහිව පියවර ගතයුතු යැයි ඇමති ප්‍රසන්න කියයි

මෛත්‍රීට එරෙහිව පියවර ගතයුතු යැයි ඇමති ප්‍රසන්න කියයිහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයටසම්පූර්ණයෙන්ම වගකිවයුතු බැවින් ඔහුට එරෙහිව...

විදේශීය ඇපල් වෙනුවට දේශීය මසංං පරිභෝජනයට හුරු වෙමු

සිරිලක දේ අගයමු විදේශීය ඇපල් වෙනුවට දේශීය මසංං පරිභෝජනයට හුරු වෙමු.බොහෝ අය නොදත් ලංකාවේ වැවෙන රසයෙන් හා ගුණයෙන්...

ආර්ථික අර්බුදය නිසා ඇති වි තිබෙන පීඩනය ලබනජනවාරි මාසය වන විට පහව යයි- මහ බැංකුඅධිපති

ආර්ථික අර්බුදය නිසා ඇති වි තිබෙන පීඩනය ලබනජනවාරි මාසය වන විට පහව යනු ඇතැයි මහ බැංකුඅධිපති විශ්වාසය පළ කරයි… සංචාරක ක්ෂේත්‍ර යේ...

ගෑස්වල ප්‍රමිතියේ ප්‍රශ්නයක් නෑ’

ගෑස්වල ප්‍රමිතියේ ප්‍රශ්නයක් නෑ'එල්.පී. ගෑස්වල ප්‍රමිතිය පිළිබඳව ඇතැම් පාර්ශවයන් කරන සියලුම ප්‍රකාශ සාව්‍ය මෙන්ම ජනතාව බියගැන්වීමට, ලිට්‍රෝ ගෑස්...