කජු මදවල කුරුට්ට ඉවත් කරන්න කලින් ඒ කජු ටික අවන් එකේ හෝ කබලෙ බදින්න ඕනෙ කියලා කජු කර්මාන්තයේ නිරතවෙලා ඉන්න කවුරුත් දන්නවා. නමුත් ඒ වැඩේ කජු කනව වගේ ලේසි නැහැ. කජු මදවල කුරුට්ට යවන එක නම් කර්මාන්තකරුවන්ට එපා කරපු දෙයක්. ඒ තරම් අපහසුතා විඳිනවා. මේ කරදරයට දැන් අවසන් තිත තියලයි තියෙන්නේ. ඒ වෙන කවුරුත් නෙවෙයි ‘‘පීලින් බට්ටා.”
‘‘පීලින් බට්ට” කියන්නේ කජු කර්මාන්තයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සියල්ලම නිෂ්පාදනය කරපු අපේ රටේ එකම නිෂ්පාදන ආයතනය වන ගම්පහ බුද්ධි ඉන්ටර්නැෂනල් ඉන්ජිනියරින් පෞද්ගලික සමාගමේ තවත් දායාදයක්. කජු කපන තැන ඉඳල ආහාරයට ගන්න තැන දක්වා නිෂ්පාදන කාර්යයන්ට අවශ්‍ය හැම යන්ත්‍ර සූත්‍රයක්ම හදපු මේ ආයතනය මව්බිමට ආඩම්බරයක්. ‘‘මේඩ් ඉන් ශ්‍රී ලංකා” කියලා ලෝකෙ පුරා බුද්ධි ආයතනයේ යන්ත්‍ර සූත්‍ර අලෙවි වෙනකොට ශ්‍රී ලාංකිකයො හැටියට ඇත්තටම අපට ඒක ආඩම්බරයක් තමයි.
මුලින් කිව්ව වගේ කජුවල කුරුට්ට අයින් කරන්න යන්ත්‍ර සූත්‍ර අපට තිබ්බෙ නැහැ. ඒ අඩුව පිරිමහන්න නිෂ්පාදනය කරපු ‘‘පීලින් බට්ට” නිසා අමු කජු මදවල කුරුට්ටත් යවන්න පුළුවන්. අවන් එකේ හෝ කබලේ බදින්න අවශ්‍යම නැහැ. මේක ක්‍රියාත්මක කරන්න පුහුණුවක් අවශ්‍යත් නැහැ. නඩත්තුවත් හරි පහසුයි. බට්ටෙක් හින්දා විදුලිය වැය වෙන්නෙත් ඉතාම අඩු ප්‍රමාණයක්. අද හෙටම මේ නිෂ්පාදනයට පේටන්ට් බලපත්‍රය හිමිවේවි. කොහොම නමුත් අලෙවියෙන් පස්සෙ හොඳ සේවයක් දෙන බුද්ධි ආයතනය ඉතාම අඩු මුදලකට මේ යන්ත්‍රය අලෙවි කරනවා. වැඩි විස්තර ඕනෙ නම් 0777 034 933 හෝ 077 00 24 228 අමතල දැනගන්න පුළුවන්. කොහොම නමුත් කජු කර්මාන්තකරුවන්ගේ තවත් කඳුලු කතාවකට අවසන් තිත තියපු පීලින් බට්ට ට බොහෝ දෙනෙක් ස්තූති කරනවා.