Tuesday, March 2, 2021
- Advertisement -
Home ක්‍රීඩා එල්.පී.එල් තරගවල දී වෙනස්කම් සිදුකිරීමේ සූදානමක්

එල්.පී.එල් තරගවල දී වෙනස්කම් සිදුකිරීමේ සූදානමක්

එල්.පී.එල්. තරගාවලිය වඩාත් ආකර්ෂණීය කිරීමේ අරමුණින් කණ්ඩායම්වල හිමිකරුවන්ගේ අභිමතය පරිදි අතරමැද දී වුවත් ක්‍රීඩකයන්ගේ ආදේශ කිරීම් සිදු විය හැකි බව තරගාවලියේ අධ්‍යක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරනවා. හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ඇරඹෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පිළිබඳ පසුගියදා කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියා. නිවේදනය කර ඇති කණ්ඩායම්වල අවසන් සංචිතයේ තවත් විදෙස් ක්‍රීඩකයන් දෙදෙනකු පමණ පැමිණීමට නියමිත අතර තරගාවලි අධ්‍යක්‍ෂවරයා කියා සිටියේ කණ්ඩායම් හිමිකරුවන් තවදුරටත් සිය කණ්ඩායම්වලට ප්‍රබල විදෙස් ක්‍රීඩකයන් ඇතුළත් කරගැනීමේ මෙහෙයුමක නිරතව සිටින බවයි.

Most Popular

ජනාධිපතිගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ශ්‍රී ලංකාවේ පළමු දේශිය වෛද්‍ය විශ්ව විද්‍යාලය ඇරඹේ.

ජනාධිපතිගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ශ්‍රී ලංකාවේ පළමු දේශිය වෛද්‍ය විශ්ව විද්‍යාලය ඇරඹේ.විශ්ව විද්‍යාල  පද්ධතිය පුළුල් කිරීමට හා විශ්ව විද්‍යාලයට...

පාස්කු කොමිසමේ වාර්තාව ගැන සෑහිමකට පත් වෙන්න බෑ. ප්‍රහාරයේ මහා මොළකරුවන් සගවලාදැයි සැකයි. ඇමති ප්‍රසන්න

පාස්කු කොමිසමේ වාර්තාව පිළිබද ව සෑහිමකට පත් වීය නොහැකි බවත් පසුගිය යහපාලන රජය විසින් පත් කළ මෙම කොමිසමේ වාර්තාවෙන් ප්‍රහාරයේ මහා මොළකරුවන්...

පළාත් සභා මැතිවරණය ජූනි මාසයේ.

වසර කිහිපයක් තිස්සේ කල් යමින් පවතින පළාත් සභා මැතිවරණය එළඹෙන ජූනි මාසයේ දී පැවැත්වෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

සියලු කාර්මාන්තශාලා සේවක සේවීකාවන්ට කොරෝනා එන්නත් ප්‍රමුඛතාව ඉල්ලයි

සියලු කාර්මාන්තශාලා සේවක සේවීකාවන්ට කොරෝනා එන්නත් ප්‍රමුඛතාව ඉල්ලයි..කොවිඩ් එන්නත ලබා දීමේ දී දිවයිනේ සියලු කාර්මාන්තශාලා සේවක සේවීකාවන්ට ද ප්‍රමුඛතාව ලබා දෙන්න යැයි...