කොරෝනාවෙන් පීඩාවට පත් වුවන්ගේ පිහිටට ඔරෙල් කෝපරේෂන් !
නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වීම හේතුවෙන් ජීවනෝපායන් අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් සඳහා ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩ පිළිවෙලක් ඔරෙල් කෝපරේෂන් ( Orel Corporation ) ආයතනයේ අනුග්‍රහය ඇතිව ආරම්භ කෙරුනා . මෙහි ආරම්භක වැඩසටහන මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේදී පැවැත්වුනා .
ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් . ප්‍රජා පොලිස් ඒකක වල සහයද මේ සඳහා ලැබී තිබෙනවා . මෙම අවස්ථාවට ඔරෙල් කෝපරේෂන් ( Orel Corporation ) ආයතනයේ සාමාන්‍යාධිකාරී චමින්ද ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා . රුපියල් 2500 පමණ වටිනා වියලි ආහාර ද්‍රව්‍ය සහ එළවලු පාර්සල් 50 ක් , ප්‍රදේශයේ ආදායම් අහිමි වූ පවුල් 50 කට මෙහිදී බෙදා දුන්නා .
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේ කොරෝනා මර්ධන වැඩ පිළිවෙල මෙන්ම අපරාධ මර්ධ මර්ධන වැඩ පිළිවෙලද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි . චමින්ද ද සිල්වා මහතා අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලාංකික ආයතනයක් වන ඔරෙල් කෝපරේෂන් ( Orel Corporation ) නිරන්තරයෙන්ම මෙරට ජනතාව වෙනුවෙන් සේවය සලසන බවයි .
( වීඩියෝ දර්ශන සහිතයි ).